April 19, 2024

ජාතික ව්‍යාපාරයක් තුළින් බලයට ආ ජනපතිට ප්‍රතිපත්තිවලට පිටුපාන්න බෑ

රජයේ ප්‍රතිපත්තිමය කරුණු වලදි ජනාධිපතිවරයා සියලු දෙනාගේ අදහස් වලට සවන් දෙනු ඇතැයි දැඩිව විශ්වාස කරන බව රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු මහතා පවසයි.

මහනුවරදි මාධ්‍යයට අදහස් දක්වමින් ඔහු කියා සිටියේ ජාතික ව්‍යාපාරයක් තුලින් බලයට පත් රාජ්‍ය නායකයෙකුට කිසිදා ඊට පිටුපා යා නොහැකි බවයි.

ජනපතිතුමා බිහිවන්නේ පුළුල් ජනතා ව්‍යාපාර වල ප්‍රතිඵලයක් නිසා බැවින් එම ජනතා ව්‍යාපාර වලට පිටුපා එතුමා රට වෙනත් තැනකට ගෙන නොයන බව තමන්ට විශ්වාස බව රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් අදහස් දක්වමින් පැවසීය.

Rate this item
(0 votes)
Last modified on Tuesday, 26 January 2021 13:45