April 18, 2024

කොවිඩ් මළ සිරුරු ආදාහනය නවත්වන්න එක්සත් ජාතීන්ගේ නියෝජිතයින්ගෙන් බලපෑමක්

COVID-19 බවට තහවුරු වූ හෝ සැක කරන ලද සිරුරු ආදාහනය කිරීම එනම විකල්පය නොවන බවත් එය මානව හිමිකම් උල්ලංඝනය කිරීමක් බවත් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් විශේෂඥයෝ ශ්‍රී ලංකා රජයට දැනුම් දී සිටින බව වාර්තා වනවා .
මළ සිරුරු භූමදානය කිරීම මගින් COVID-19 වැනි රෝගය පැතිරීමේ අවදානම වැඩි කිරීමට හේතු වන බවට ශ්‍රී ලංකාවේ හෝ වෙනත් රටවල වෛද්‍ය හෝ විද්‍යාත්මක සාක්ෂි ස්ථාපිත කර නොමැති බව ඔවුන් කියා සිටින බවයි පැවසෙන්නේ.

කොරෝනාවෙන් මිය යන ආසාදිතයන්ගේ මෘත දේහ ආදාහනය කළ යුතු බවට පනවා ඇති නියමය, මුස්ලිම් ජනතාවද ඇතුළුව තවත් සුළු ජන ප්‍රජාවන්ගේ ආගමික විශ්වාසයන්ට පටහැනි බවත්,
රජය මෙම ප්‍රතිපත්තියේ දිගටම රැදී සිටියහොත් එමගින් ප්‍රචණ්ඩ වාතාවරණයක් පවා රට තුළ පැන නැගිය හැකි බවත් ඔවුන් පවසා සිටියි.


කොරෝනා මෘත දේහ ආදාහනයට පමණක් අවසර දීම වැනි ප්‍රතිපත්තියක්, මුස්ලිම් ජනයා වෙනස් කොට සැලකීම සදහා ගනු ලැබ ඇති ප්‍රතිපත්තියක් බවත්, මෙම ප්‍රතිප්තිය හේතුවෙන්, වෙනස් කොට සැලකීමට බිය වන බොහෝ පිරිසක් සෞඛ්‍ය සේවා වෙත ප්‍රවේශ වීම මගහැරීමේ අවස්ථා නිර්මාණය වන බවද ඔවුන් පවසයි.

Rate this item
(0 votes)