March 29, 2024

හෝටල් සඳහා මත්පැන් බලපත්‍ර ගාස්තු කපාහැරේ ...

හෝටල්, ආපනශාලා සහ ගෙස්ට් හවුස් මත්පැන් බලපත්‍ර සඳහා වාර්ෂික ගාස්තුව ගෙවීමෙන් නිදහස් කර ඇත.
නැවත ගෙවීම සඳහා නියමිත කාල සීමාවක් මෙතෙක් තීරණය කොට නොමැති බව සුරාබදු දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂඨ නිළධාරියෙක් පවසා තිබේ.

COVID-19 වසංගතය හේතුවෙන් තම ව්‍යාපාර මුලුමනින් ම ඇද වැටී ඇති බව පවසමින්

හෝටල් හිමියන් සුරාබදු දෙපාර්තමේන්තුවට සහ ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියෙන් මෙම (SLTDA) සහනය ඉල්ලා සිටි බව එම නිලධාරියා සන්ඩේ ටයිම්ස් පුවත්පතට පවසා තිබෙනවා.

සුරාබදු දෙපාර්තමේන්තුව මේ පිළිබඳව මුදල් අමාත්‍යාංශයට යොමු කර ඇති අතර එයට

මුදල් අමාත්‍යාංශය මගින් අනුමැතිය ලබා දී තිබේ.

මෙම සහනය හේතුවෙන් සුරාබදු දෙපාර්තමේන්තුවට රුපියල් මිලියන 400 ක ආදායම්ක් අහිමි වන බව ගනන් බලා ඇත.

මෙම සහනය හිමි වන ආයතන 14,000 ක ප්‍රමානයක් ඇති අතර ඒවාට හෝටල් (6,712), මත්පැන් සපයන අවන්හල් (6,534), බුටික් විලාස් (865), බියර් බාර් (161), ක්‍රීඩා සමාජ (45) සහ ආගන්තුක නිවාස (45) ඇතුළත් වේ.

පසුගිය වසරේ වැඩි කාලයක් හෝටල් වසා දමා තිබූ බැවින් මේ වසරේදී මත්පැන් බලපත්‍ර සඳහා වාර්ෂික ගාස්තුව අය කිරීම අසාධාරණ බව හෝටල් හිමියන් විසින්

ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියට පවසා තිබුණි.

 
Rate this item
(0 votes)