April 25, 2024

මානව හිමිකම් චෝදනා ඇති ලාංකිකයින් ගේ වත්කම් අත්හි‍ටුවීමට සහ විදෙස් සංචාර තහනමට සුදානමක්

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මහ කොමසාරිස්වරයාගේ ශ්‍රී ලංකාව පිළිබඳ නවතම වාර්තාව මඟින්,
“මානව හිමිකම් උල්ලංඝනය කිරීම් සම්බන්ධයෙන් තහවුරු කළ හැකි චෝදනා ලබා සිටින” ශ්‍රී ලාංකිකයින් සඳහා වත්කම් අත්හි‍ටුවීම සහ විදෙස් සංචාර තහනම් කිරීම වැනි
පුද්ගලයන් ඉලක්කකර සම්බාධක යෝජනා කිරීමට තීරණය කරඇති බව වාර්තාවේ.
මෙම පියවර ගැනීමට පෙර ඒ සම්බන්ධයෙන් කරුණු දැක්වීමට ජනවාරි 27 වනදා දක්වා ශ්‍රී ලංකාවට කල් ලබා දී ඇති අතර
මහ කොමසාරිස් මිෂෙල් බැචලෙට් විසින් ජාත්‍යන්තර අපරාධ අධිකරණයේ (අයිසීසී) අපරාධ නඩු විභාග කිරීම සහ යුද අපරාධ පිළිබඳ චෝදනා සොයා බැලීමට හා සාක්ෂි රැස් කිරීමට ජාත්‍යන්තර යාන්ත්‍රණයක් සැකසීමට නිර්දේශ කර ඇත.

මීට එකඟ වීම හෝ නොවීම සම්බන්ධයෙන් මෙරට බලධාරීන් මෙතෙක් තීරණය කරනොමැත. නමුත් මෙහි වගන්තියෙන් වගන්තියට වෙන මෙනම ප්‍රතිචාර දැක්වීමට බලාපොරොත්තු වන බවත්
විදේශ ලේකම් ජයනාත් කොළඹගේ මහතා සන්ඩෙ ටයිම්ස් පුවත්පතට පවසා තිබේ.

Rate this item
(0 votes)