March 29, 2024

ඇමැති ගම්මන්පිලගේ යෝජනාව ජනපති විසි කරයි - ඉන්ධන මිල වැඩිවීම ගැන කැබිනට්ටුව ගත් තීන්දුව මෙන්න

ඉන්ධන මිල සංශෝධනයක් කරන ලෙසට ඊයේ පැවැති කැබිනට් මණ්ඩල රැස්වීමේදී අදහස් පළ වුවත් ඒ පිළිබඳ කිසිදු තීන්දුවක් ගෙන නොමැති බව සම කැබිනට් ප්‍රකාශක, ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසයි.

ඔහු මේ බව පැවසූවේ මීට සුළු මොහොතකට පෙර පැවැති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවට එක්වෙමිනි.

ඉන්ධන මිල සංශෝධනයක් කරන ලෙසට බලශක්ති ඇමැති උදය ගම්මන්පිල ඉදිරිපත්කළ ඇමැති මණ්ඩල යෝජනාවක් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඇතුළු ඇමැති මණ්ඩලය ප්‍රතික්ෂේප කර ඇති බව රජයේ ආරංචි මාර්ග පැවසීය.

ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් අමාත්‍ය මණ්ඩල රැස්වීම සූම් තාක්ෂණය ඔස්සේ ඊයේ (25) රාත්‍රියේ පැවැත්විණි.

එම යෝජනාව ඉදිරිපත් වූ අවස්ථාවේදී ජනාධිපතිවරයා ප්‍රකාශ කර ඇත්තේ මිල සංශෝධනයක් කර ජනතාවට අසීරුතාවට පත් කළ නොහැකි බවයි.

හැකි නම් ඉන්ධන සඳහා අය කරන බදු අඩු කිරීමට ඇති හැකියාව මහා භාණ්ඩාගාරය සමග සාකච්ඡා කරන ලෙස ජනාධිපතිවරයා උපදෙස් ලබා දී තිබේ.

ලෝක වෙළෙඳපොළේ බොරතෙල් බැරලයක මිල ඇමරිකා ඩොලර් 57 දක්වා වැඩි වී ඇති බව බලශක්ති ඇමැති උදය ගම්මන්පිල පෙන්වා දී තිබේ. එම නිසා සෑම ඉන්ධන ලීටරයකින්ම රුපියල් 16කට අධික පාඩුවක් ලබන බව ඔහු ඇමැතිවරයා අමාත්‍ය මණ්ඩලයට දැනුම් දී ඇත.

Rate this item
(0 votes)