April 24, 2024

අතලොස්සක් වන සහල් මාෆියාව පාලනය කරන්න බැරි නම් රජයක් තිබීමේ තේරුමක් නෑ - මහින්දානන්දගෙනුත් අදෝනාවක්

මිල පාලනය කිරීම සඳහා සහල් ආනයනය කිරීමට වෙළඳ අමාත්‍යාංශය කළ යෝජනාව තමන් ප්‍රතික්ෂේප කළ බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා හෙළිදරව් කරයි.

ඒ අවශ්‍ය තරම් වි තොග තිබූ නිසා බව පෙන්වා දෙන අමාත්‍යවරයා එහෙත් සහල් මිල රුපියල් 120 දක්වා වැඩිවූ බව ද සඳහන් කරයි.

ඉතා කුඩා පිරිසක් විසින් සහල් වෙළදපොල පාලනය කිරීම නිසා මෙවැනි තත්වයක් ඇති වූ බව අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කරයි.

එම කුඩා සහල් මාෆියාව පාලනය කර ගැනීමට බැරි නම් රජයක් සිටීමෙන් තේරුමක් නැති බව ද අමාත්‍යවරයා අවධාරණය කරයි.

අමාත්‍යවරයා මෙම අදහස් පළ කර තිබුණේ ඉරිදා  පුවත්පතක් සමඟ සාකච්ජාවකට එක්වෙමිණි.

Rate this item
(0 votes)
Last modified on Tuesday, 26 January 2021 10:47