April 19, 2024

ණය ගෙවා ගන්න බැරුව පස් හැවිරිදි පුතා එක්ක එල්ලිලා මැරිලා .

ගන්දර පොලිස් වසමෙහි ගන්දරාවත්ත ප‍්‍රදේශයේ පදිංචි 24 හැවිරිදි මවක සිය 5 හැවිරිදි එකම පුත‍්‍රයා සමග ගෙල වැලලාගෙන දිවි නසාගෙන ඇතැයි ගන්දර පොලිසිය පවසයි.

ඉකුත් 23දා රාත‍්‍රියෙහි මෙම මව සිය පස් හැවිරිදි දරුවා ගෙල වැලලා ජීවිතක්ෂයට පත් කර, ඇයද දිවි හානි කර ගෙන ඇතැයි සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන සිදු කරන ගන්දර පොලිසිය පැවසීය. මෙසේ මියගොස් ඇත්තේ පස් හැවිරිදි මුණසිංහ විතානගේ සනි`දු අභිෂේක සහ එම දරුවාගේ මව වන අන්තෝනි බදුගේ ඔමාලි දිනේෂිකා නමැත්තියයි.

සැමියා මුහුදු රැුකියාවෙහි නිරතව සිටියදී ඇය සිය එකම දරුවා සමග දිවි හානි කර ගෙන ඇති බවද පොලිසිය පැවසීය.

දිවි නසා ගැනීමට පෙර ඇය සිය අත්අකුරෙන් ලියා තැබූ ලිපියක සඳහන් කර තිබෙන්නේ දැඩි ආර්ථික අපහසුතාවලින් පෙළෙන බවත්, ණය තුරුස් ගෙවා දැමීමට තමාට මුදල් නොමැති බැවින් තම දරුවා සමග මෙවැනි තීරණයකට එලැඹි බවත්ය. එක් අවස්ථාවක විදෙස්ගත වීම සඳහා තම මවගෙන් මුදල් ඉල්ලා සිටි බවද ඇය එම ලිපියෙහි සඳහන් කර තිබූ බව විමර්ශන සිදුකරන ගන්දර පොලිසිය කියයි.

මෙම මව තම දරුවා නිවසේ කෑම කාමරයේ බාල්කයක එල්ලා, ඇයද දිවි හානි කර ගෙන තිබේ. පෙරේදා (24දා) තම දියණිය සහ ඇගේ දරුවා පිළිබඳව සොයා බැලීමට ඇයගේ මව සහ සහෝදරයකු පැමිණ ඇති අතර, එම අවස්ථාවේ නිවෙසේ දොරවල් වසා කිසිවකු නොමැති බැවින් වහලේ උළු ඉවත් කර බැලීමේදී මව සහ දරුවා ගෙල වැලලාගෙන සිටිනු දැක ඒ පිළිබඳව ගන්දර පොලිසියට දැනුම් දී තිබේ.

Rate this item
(1 Vote)