April 18, 2024

දළදා මාලිගාවට මරාගෙන මැරෙන ප්‍රහාරයක් එල්ල කොට අදට අවුරුදු 23 යි

1998 ජනවාරි 25 දින උදෑසන 6.10 ට කොටි ත්‍රස්තවාදීන් විසින් එල්ල කළ මෙම මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයෙන් මාස දෙකක කුඩා වයසෙදි ළදරුවෙකු සමග 16 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව 25 දෙනෙකු තුවාල ලැබූ අතර මහාචාර්යවරයකු වූ පී.ඩබ්ලිව් විතානගේ බෝම්බ ප්‍රහාරය පිළිබඳව ඇසීමෙන් පසු ඇතිවූ කම්පනයෙන් මිය යන ලදී.

කිලෝ ග්‍රෑම් 300 ක හා 400ක අතර ප්‍රමාණයකින් යුත් පුපුරන ද්‍රව්‍ය සවිකොට තිබූ ට්‍රක් රථයක උපයෝගී කරගනිමින් මරාගෙන මැරෙන කොටි බෝම්බ කරුවන් තිදෙනෙකු මෙම ප්‍රහාරය එල්ල කරන ලදී.

මෙම ප්‍රහාරයෙන් ඓතිහාසික දළදා මාලිගාවට හා එහි ඉපැරණි වටිනා වස්තූන් රැසකට හානි සිදුවිය.

මෙම මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයේ ප්‍රබලතාවය කෙතරම් ද යත් මාලිගාව අවට කිලෝමීටර් 5ක පමණ දුරක් දක්වා ඇති ගොඩනැගිලි වල වීදුරු කඩා යෑමෙන් හානි සිදුවිය.

Rate this item
(0 votes)
Last modified on Tuesday, 26 January 2021 09:01