April 25, 2024

"රංජන් නිදහස් කර ගන්න වැඩ පිළිවෙළක් ස.ජ.බ.යට තිබෙනවා - ඒක රහසක්" ලක්ෂ්මන් කිරිඇල්ල

රන්ජන් රාමනායක මහතාට ශ්‍රේෂ්ඨාධිකරණය ලබා දුන් නඩු තීන්දුවට එරෙහිව සමගි ජන බලවේගයට යළිත් ශ්‍රේෂ්ඨාධිකරණයට යෑමට ප්‍රතිපාදන තිබෙන බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක නීතිඥ ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පෙන්වා දෙයි.

රංජන් රාමනායක මහතාට එරෙහිව තීන්දු දුන්නේ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් වන බව පෙන්වා දෙන කිරිඇල්ල මහතා රංජන් රාමනායක මහතාට එරෙහි නඩුව ඊට වඩා විනිසුරුවන්ගෙන් සමන්විත විනිසුරු මණ්ඩලයත් තුළ යළිත් විභාග කරන ලෙස ඉල්ලීමට නීතියෙන් ප්‍රතිපාදන තිබෙන බව සදහන් කරයි.

ඒ අනුව ඒ සඳහා අවශ්‍ය කටයුතු මේ වන විට සමගි ජන බලවේගය ඉතා රහසිගතව කරගෙන යන බවත් ඒවා දැන්ම එළිදරව් නොකරන බව ද කිරිඇල්ල මහතා වැඩිදුරටත් සඳහන් කරයි.

කිරිඇල්ල මහතා මෙම අදහස් පල කලේ ඉරිදා ජාතික පුවත්පතක් සමඟ සාකච්ජාවකට එක්වෙමිනි.

Rate this item
(0 votes)
Last modified on Monday, 25 January 2021 13:59

Related items