April 19, 2024

ඇමැති බන්දුලගේ යෝජනාවට ඇමැති මහින්දානන්ද හරස් වෙයි

සහල් මිල ඉහල යාමත් සමඟ සහල් මිල පාලනයට වෙළෙඳ අමාත්‍යාංශය සහල් ආනයනය කිරීමට සැලසුම් කර තිබිණි.

ඊට අදාල යෝජනාව වෙළෙඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා විසින් ආණ්ඩුවට ඉදිරිපත් කර තිබූ අතර නමුත් එය ක්‍රියාත්මක වීම සිදු නොවිණි.

ඊට හේතුවී ඇත්තේ කෘෂිකර්ම අමාත්‍ය මහින්දාන්නද අලුත්ගමගේ මහතා ඊට විරෝධය පල කර තිබීම නිසාවෙනි.

 වෙළෙඳ අමාත්‍යාංශය සහල් ආනයනය කිරීමේ සූදානම පිළීබඳ අදහස් දක්වමින් කෘෂිකර්ම අමාත්‍ය මහින්දාන්නද අලුත්ගමගේ මහතා පැවසූවේ,

"වෙළෙඳ අමාත්‍යාංශය එම යෝජනාව ඉදිරිපත් කළේ ඉහළ යන සහල් මිල පාලනය කිරීමටයි. නමුත් මම කීවා බැහැ කියලා. අවශ්‍ය තරම් වී තොග තියෙනවා කීවා. එය අවසානයේ පිළිගන්න වුණා. නමුත් සහල් මිල රුපියල් 120ට වැඩිවුණා. පොඩි පිරිසක් වෙළෙඳපොළ පාලනය කිරීම නිසයි එවැනි තත්ත්වයක් උද්ගත වී තිබෙන්නේ. එය පාලනය කරන්න බැරි නම් රජයක් ඉඳලා වැඩක් නැහැ."

Rate this item
(1 Vote)