April 19, 2024

පැණි ධම්මික දොස්තරට පහරදුන් සිද්ධිය කොන්දේසි සහිතව සමථයකට

කෑගල්ලේ ධම්මික බණ්ඩාර වෙද මහතා විසින් පේරාදෙණිය මහ රෝහලේ දන්ත වෛද්‍යවරයකුට තර්ජනය කර පහර දුන්නා යැයි කියා පේරාදෙණිය පොලිසියට කරන ලද පැමිණිල්ලක් කෑගල්ල පොලිසියේ අපරාධ විමර්ශන අංශය විසින් විභාග කිරීමෙන් පසු කොන්දේසි සහිතව සමථයකට පත් වූ බව කෑගල්ල පොලිසිය පැවසීය.

කෑගල්ල කොට්ඨාස භාර පොලිස් අධිකාරී කාර්යාලයේ දී මෙම පැමිණිල්ල විභාග කර ඇති අතර පැමිණිලිකරු වන පේරාදෙණිය මහ රෝහලේ දන්ත වෛද්‍ය එස්. ඒ. ආර්. මද්දුමබණ්ඩාර මහතා විභාගයෙන් පසු මාධ්‍යයට කරුණ දක්වමින් මෙසේ පැවසීය.

"මෙම සිද්ධියේදී මට පුද්ගලිකව අපහාස සිදුවී තිබෙනවා. මගේ කීර්තිනාමයට බලපානවා. මම කිසිවක් බලෙන් වීඩියෝගත කළා කියලා තිබුණා. එය වැරදියි. මම බලෙන් ආවා කියා කියන්න උත්සාහ කළා. පසුව බලෙන් ආවේ නැහැ කියා පිලිගන්න සිද්ධ වුණා. එම නිසා ප‍්‍රසිද්ධ මාධ්‍ය හමුවේ සිදුවූ සිද්ධිය සම්බන්ධයෙන් කනගාටුව ප‍්‍රකාශ කර වරද පිළිගත යුතුයි. ඒ අනුව දෙදෙනාගේම එක`ගත්වය මත සමථයකට පත් වුණා. එහෙත් එසේ නොකළොත් මම අධිකරණය වෙත යනවා.

මෙම සිද්ධිය සම්බන්ධ ධම්මික බණ්ඩාර මහතා මෙසේ පැවසුවේය. කිසිම ප‍්‍රශ්නයක් වුණේ නැහැ. එතුමත් සිද්ධිය කීවා, මමත් සිදුවුණ දේ කීවා. ඊට පසු දෙගොල්ලම සමථයකට පත්වුණා. පොලිසිය මගෙන් කට උත්තරයක් ගත්තා එහෙම දෙයක් වුණාද කියලා. එතුමා ඉල්ලා සිටියා මාධ්‍යයෙන් වරදක් වුණා, ඒක නිවැරදි කරන්න කියා. එපමණයි. ඒ අනුව මම මෙම ප‍්‍රකාශය කරනවා." යැයි පැවසීය.

Rate this item
(0 votes)