April 16, 2024

සිසුවියගේ ඉල්ලීමට පැය 24ක් ගතවීමටත් පෙර ජනපතිගෙන් ප්‍රතිචාර

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට පෙරේදා (23) කළුතර වලල්ලාවිට පැවති “ගම සමග පිළිසඳර” වැඩසටහන අතරතුර යට්ටපාත කණිෂ්ඨ විද්‍යාලයේ සිසුවියක් ඉල්ලීම් කිහිපයක් ඉදිරිපත් කළේය.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පෙරේදා වලල්ලාවිටට පැමිණි අවස්ථාවේ යට්ටපාත කණිෂ්ඨ විද්‍යාලයේ සිසුවියක ජනපතිවරයාගෙන් ඉල්ලා සිටියේ පාසලට ගොඩනැගිල්ලක්, ක්‍රීඩාංගණයක් සහ ජල ව්‍යාපෘතියක් සම්පාදනය කර දෙන ලෙසය.

ජනාධිපතිවරයා එම අවස්ථාවේදීම යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා අමතා අදාළ සංවර්ධන කටයුතු ආරම්භ කරන්නැයි නියෝග කළේය.

ඒ අනුව 24 ක් ගතවීමටත් පෙර අදාළ ඉල්ලීම් ඉල්ලීම්  ඉටු කිරීම සඳහා ඊයේ (24) අවශ්‍ය කටයුතු කෙරිණි.

යුද හමුදාපතිවරයාගේ මෙහෙයවීමෙන් ශ්‍රී ලංකා යුද හමුදාවේ 5 වන කාර්ය ඉංජිනේරු රෙජිමේන්තුව ඊයේ එහි වැඩ ආරම්භ කළේය.

මේ සම්බන්ධයෙන් පාසල් බලධාරීන් සහ සිසු සිසුවියන් සිය ස්තූතිය පළකළේය.

Rate this item
(1 Vote)