April 18, 2024

නැගෙනහිර ජැටිය විකුණන්නේ හෝ බදු දෙන්නේ නැහැ - නිමල් ලාන්සා

"නැගෙනහිර ජැටිය ආයෝජන ව්‍යාප්තියකට ලබා දීම පිළිබදව විපක්ෂය බොරුවට කෑ ගහනවා. විපක්ෂය යහපාලන කාලයේ සියයට 85 ක් ඉන්දියාවට විකුණනන්න, බදු දෙන්න ගියේ.   හැබැයි ඒ සම්බන්ධයෙන් අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පැහැදිලිව කියලා තියෙනවා නැගෙනහිර ජැටිය බදු දෙන්නෙත් නැහැ. විකුණන්නෙත් නැහැ කියලා. ආයෝජන අවස්ථාවකට පමණයි." රාජ්‍ය අමාත්‍ය නිමල් ලාන්සා මහතා පවසයි.

ඒ මහතා මෙම අදහස් පළ කර සිටියේ ශ්‍රී  ලංකා පොදුජන පෙරමුණේ වත්තල තරුණ බල මණ්ඩලය පිහිටුවමින් අද (24) දින වත්තල ප්‍රාදේශීය සභා ශ්‍රවණාගාරයේ පැවති උත්සවයකට සහභාගි වෙමිණි. 

එහිදී වැඩිදුරටත් අදහස් පළ කල රාජ්‍ය අමාත්‍ය නිමල් ලාන්සා මහතා,

"ආයෝජන අවස්ථාවකට ලංකාවේ වගේම විදේශීය ඕන කෙනෙකුට ඉඩ දෙන්න පුළුවන්. ආයෝජන කළොත් තමා රැකියා ලැබෙන්නේ. කර්මාන්තපුර හැදෙන්නේ. විදේශීය විනිමය ලැබෙන්නේ. ඒ නිසා පැහැදිලිව කියනවා නැගෙනහිර පර්යන්තය ආයෝජනයකට පමණයි. ඉන්දියාවට, ජපානයට ඒ සදහා අවස්ථාව තියෙනවා. වෙනත් රටක් හරි ලංකාවේ කෙනෙකුට හරි ලංකාවේ නීති රීතී වලට යටත්ව ආයෝජනය කරන්න අවස්ථාව තිබෙනවා."

Rate this item
(0 votes)