April 19, 2024

කොවිඩ් එන්නත ගෙන එන දිනය ගැන ජනපතිගෙන් හෙළිදරව්වක්

පළමු කොවිඩ් එන්නත් තොගය ජනවාරි 27 වනදා මෙරටට ඉන්දියාවෙන් ලැබෙන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සඳහන් කර තිබේ.

කළුතර වලල්ලාවිට පැවැත්වෙන “ගම සමග පිළිසඳර” වැඩසටහනට එක්වෙමින් ජනාධිපතිවරයා මේ බව සඳහන් කර ඇත.

මෙලෙස ලැබීමට නියමිතව ඇත්තේ ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රා සෙනෙකා කොවිඩ් මර්දන එන්නත ය.

තවද පළමු එන්නත් තොගය ලෙස එන්නත් හය ලක්ෂයක (600,000) තොගයක් රැගෙන එන බව ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කරයි.

Rate this item
(0 votes)

Related items