April 23, 2024

පක්ෂ නිලතල මුල්කරගෙන දැන් සාගලත් රනිල් එක්ක තරහ වෙලා

එක්සත් ජාතික පක්ෂයේ උප සභාපති ධූරයකින් පිදුම් ලැබූ සාගල රත්නායක මහතාද ඒ සම්බන්ධයෙන් සතුටකින් පසු නොවන බව සිරිකොත ආරංචි මාර්ග පෙන්වා දෙයි.

පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ ඉතාමත්ම සමීප කිට්ටුවන්තයෙකු වන රත්නායක මහතා බොහෝ කලක සිට පක්ෂ මහලේකම් ධුරය බලාපොරොත්තුවෙන් සිටි බව ප්‍රකට කරුණකි.

එහෙත් රනිල් වික්‍රමසිංහ මහතා පක්ෂයේ සෙස්සන්ගේ ඉල්ලීමකට කන් දෙමින් පාලිත රංගේ බණ්ඩාර මහතාව පක්ෂ මහලේකම් ධූරයට පත් කරන ලදී.

මේ හේතුවෙන් ඉකුත් 21 දින සිරිකොතේ පැවැති එක්සත් ජාතික පක්ෂයේ නිලතල වලට පත් නව නිලධාරි මණ්ඩලය නිල වශයෙන් සිය රාජකාරි කටයුතු භාර ගැනීමේ අවස්ථාවටද රත්නායක මහතා සම්බන්ධ නොවීය.

මීට පෙර වික්‍රමසිංහ මහතාගේ තවත් කිට්ටු සමිපතයෙකු වන අකිල විරාජ් කාරියවසම් මහතා ද ජාතික ලැයිස්තු මන්ත්‍රීධූරය ඉල්ලමින් වික්‍රමසිංහ මහතා සමග ගැටුම්කාරී පසුබිමක් නිර්මාණයක කොටගෙන තිබූ බව ද ප්‍රකට කරුණකි.

Rate this item
(1 Vote)
Last modified on Friday, 22 January 2021 16:22