April 19, 2024

උදයංගගේ සංචාරක ව්‍යාපෘතිය පුරා විද්‍යා පනතට විරුද්ධයි - වහාම පරීක්ෂණයක් අරඹන්න

හිටපු රුසියානු තානාපති උදයංග වීරතුංග මහතා විසින් සිදු කරනු ලබන යුක්‍රේන ජාතික සංචාරකයන් මෙරටට ගෙන්වීමේ ව්‍යාපෘතිය නිසා ශ්‍රී ලංකාවේ පුරාවිද්‍යා පනත සහ නිරෝධායන නීති උල්ලංඝණය වී ඇති බවට චෝදනා එල්ල වී ඇති බැවින් ඒ සම්බන්ධයෙන් පූර්ණ විමර්ශනයක් සිදු කරන ලෙස සමගි තරුණ බලවේගය වෙනුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී මයන්ත දිසානායක සහ රසික ජයකොඩි යන මහත්වරුන් පොලිස් මූලස්ථානයට ගොස් පොලිස්පතිවරයා වෙත පැමිණිල්ලක් ගොනු කරනු ලැබිය.

විශේෂයෙන්ම නීති විරෝධී ලෙස සීගිරි චිත්‍ර අසළ ඔවුන් ලබා ගත් ජායාරූප මේ පැමිණිල්ලත් සමග පොලිස්පතිවරයාගේ අවධානයට යොමු කරන ලද අතර මේ හරහා පුරාවිද්‍යා පනත උල්ලංඝණය වී ඇතිදැයි පරීක්ෂණයක් සිදු කරන ලෙස ද මෙම පැමිණිල්ල මගින් පොලිස්පතිවරයාගෙන් ඉල්ලා සිටියහ.

Rate this item
(0 votes)