March 29, 2024

උතුරු පළා­තට ජලය සැප­යීමට උමං මාර්ග­යක්

හබ­රන පලු­ගස් වැව ප්‍රදේ­ශයේ සිට උතුරු මැද හා උතුරු පළා­ත්ව­ලට ජලය සැප­යීම සඳහා ඉදි­ක­රන උමං මාර්ග­යට මුල්ගල් තැබීම ලබන 05 වැනි දා හබ­රන පලු­ගස් වැව මහ මී ගස් වැව ඉස්මත්තේ දී සිදු කෙරේ.

මීට සම­ඟා­මීව තම්මැ­න්නාව වැව ප්‍රති­සං­ස්ක­ර­ණය කර­මින් ඒ වටා ජීවත් වන ජන­තා­වගේ පහ­සුව වෙනු­වෙන් ඇවි­දින මංතීරු, ව්‍යායාම කිරීමේ මධ්‍ය­ස්ථාන, බොජුන් හල්, දේශීය නිෂ්පා­දන අලෙවි කිරීමේ කුටි ඇතුළු පහ­සු­කම් රැසක් සැප­යී­මට වාරි­මාර්ග අමා­ත්‍යාං­ශය සැල­සුම් සකස් කර තිබේ.

ඒ පිළි­බඳ සොයා බැලීම සඳහා වාරි­මාර්ග ඇමැති චමල් රාජ­පක්ෂ, ඉඩම් ඇමැති එස්. එම්. චන්ද්‍ර­සේන, මහ­වැලි කලාප ආශ්‍රිත ඇළ­වේලි හා ජනා­වාස පොදු යටි­තල පහ­සු­කම් සංව­ර්ධන රාජ්‍ය ඇමැති සිරි­පාල ගම්ලත්, ග්‍රාමීය කුඹුරු හා ආශ්‍රිත වැව්, ජලාශ හා වාරි­මාර්ග සංව­ර්ධන රාජ්‍ය ඇමැති අනු­රාධ ජය­රත්න මහ­ත්ව­රුන් අනු­රා­ධ­පුර, තම්මැ­න්නාව ප්‍රදේ­ශයේ ඊයේ (21) නිරී­ක්ෂණ චාරි­කා­වක නිරත වූහ.

කිලෝ­මී­ටර් 90ක දිග­කින් යුතුව ඉදි­රින මෙම උමං මාර්ග­යෙන් ඉර­ණ­මඩු ජලා­ශය ඇතුළු වැව් 120ක් සඳහා ජලය සැප­යීම සිදු කරන අතර, ඒ මඟින් පානීය මෙන්ම වාරි කර්මා­න්තය සඳහා අවශ්‍ය ජලය සැප­යීම සිදු කෙරේ.

අක්කර 50කට වැඩි ප්‍රමා­ණ­යක විහිදී ඇති තම්මැ­න්නාව වැව මඟින් කුඹුරු හෙක්ට­යාර් දාහ­ත­රක් සඳහා ජලය සැප­යෙන අතර, අක්කර 52කින් යුත් ඒරි­යා­ගම වැවද පෝෂ­ණය කර­මින් පවුල් 400කට ජීව­නෝ­පාය සැල­සී­මට සැල­සුම් කර ඇත.

Rate this item
(3 votes)