April 25, 2024

නවින් දිසානායක හා සමගි ජන බලවේග ප්‍රධානීන් අතර සාකච්ඡාවක්

නවීන් දිසානායක මහතා සමගි ජන බලවේගයට එක්වීම සඳහා මේ වන විට සාකච්ඡා පවත්වමින් තිබෙන බව සමගි ජන බලවේග ආරංචි මාර්ග සඳහන් කරයි.

එම සාකච්ඡා සාර්ථක මට්ටමක තිබෙන බවද එම ආරංචි මාර්ග තහවුරු කරයි.

නව වර්ෂයේ එක්සත් ජාතික පක්ෂයට නව නිලධාරී මණ්ඩලයක් පත් කළ අතර එහිදී දිසානායක මහතාව ජාතික සංවිධායක ධූරයට යළිත් පත් කළ ද ඔහු එම ධූරය මෙතෙක් භාරගෙන නොමැත.

ඉකුත් 21 දා එක්සත් ජාතික පක්ෂයේ නව නිලධාරි මණ්ඩලය වැඩ බාර ගත් අවස්ථාව ද මගහැරි දිසානායක මහතා මේ වන විට සිය මාමණ්ඩිය වන කරු ජයසූරිය මහතාගේ නායකත්වයෙන් යුත් සාධාරණ සමාජයක් සඳහා වූ ව්‍යාපාරය සමඟ එක්ව කටයුතු කිරීමට තීරණය කොට තිබෙන බව මාධ්‍ය වාර්තා කර තිබුණි.

සාධාරණ සමාජයක් සඳහා වූ ව්‍යාපාරයද සමගි ජන බලවේගය නායක, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සමග එක්ව කටයුතු කිරීමට මේ වන විටත් තීරණයකට තිබේ.

නවීන් දිසානායක මහතාගේ සොහොයුරා වූ මයන්ත දිසානායක මහතා මේ වන විට සමග සමගි ජන බලවේගය සමග එක්ව එහි ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයෙකු ලෙස පාර්ලිමේන්තුව ද නියෝජනය කරයි.

Rate this item
(1 Vote)
Last modified on Friday, 22 January 2021 11:28