April 23, 2024

මේ රටේ ජනතාවගේ විනයක් නැහැ - හමුදා පුහුණුව දීම සුදුසුයි : ඇමතිට මන්ත්‍රීවරියගෙන් තල්ලුවක්

මේ රටේ ජනතාවගේ විනය පිළිබඳ සතුටු විය නොහැකි බව ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කෝකිලා දේවී ගුණවර්ධන මහත්මිය පවසයි.

තමා දේශපාලනයට පැමිණීමට පෙර ගුවන් සේවිකාවක් ලෙස කටයුතු කළ බව පෙන්වා දෙන මන්ත්‍රීවරිය තමන් ලෝකයේ විවිධ රටවල් වලට ගිය බවත් ජපානය වැනි රටක මිනිසුන්ගේ විනය ඉතා ඉහළ මට්ටමක තිබෙන බව ද පෙන්වා දෙයි.

එම නිසා අවුරුදු 18 ට වැඩි අයට හමුදා පුහුණුවක් දීම සුදුසු බව ගම්පහ දිස්ත්‍රික් නියෝජනය කරන මන්ත්‍රීවරිය වැඩිදුරටත් සඳහන් කරයි.

ඇය මෙරට ජනතාවගේ විනයක් නැති ක්‍රියාවන් ලෙස පෙන්වා දෙන්නේ පාරේ වාහන හෝන් ගැසීම, මොහොතක් ඉවසීමට මිනිස්සු තුළ සූදානමක් නොමැති වීම, ත්‍රීවිලය,මෝටර් සයිකලයේ සිට සුඛෝපභෝගී වාහන පදවන්නන් දක්වාම විනයක් නොමැති වීමය.

හමුදාවේ සහ පොලිසිය නිලධාරියන් තුළ හොඳ විනයක් තිබෙන බව පෙනෙන්නට තිබෙන බැවින් මෙම යෝජනාව හොඳ දෙයක් බව තමන්ට දැනුම බවත් ඒ පිළිබඳ තමන් සතුටු වන බව ද මන්ත්‍රීවරිය පෙන්වා දෙයි.

වයස අවුරුදු 18 පිරුණු සියල්ලන්ටම 6 මාසයක යුද පුහුණුවක් ලබාදිය යුතු බවට මහජන ආරක්ෂාව පිළිබඳ අමාත්‍ය සරත් වීරසේකර මහතා යෝජනාවක් ඉදිරිපත් කොට තිබේ.

සති අන්ත විකල්ප පුවත්පතක් සමඟ සාකච්ඡාවකට එක්වෙමින් මන්ත්‍රිවරිය එම අදහස් පළ කර තිබුණේ අමාත්‍යවරයාගේ යෝජනාවට ප්‍රතිචාර දක්වමිනි.

Rate this item
(0 votes)
Last modified on Friday, 22 January 2021 11:21