March 29, 2024

වැලිකඩ බන්ධනාගාරයේ තාප්පයක් කඩා වැටෙයි - ආරක්ෂාවත් තර කරයි

වැලිකඩ මැගසින් බන්ධනාගාරයේ ජේලර් නිවාසවලට පිටුපස තාප්පයක කොටසක් ඊයේ(20) රාති‍්‍රයේ කඩා වැටී තිබේ.

ඊයේ රාති‍්‍රයේම යුද හමුදාව විසින්, කඩා වැටුණු තාප්ප කොටස තාවකාලිකව තහඩු යොදා ආවරණය කර තිබේ.

එමෙන්ම, අදාළ ස්ථානයේ ආරක්ෂාව තර කිරීමට බන්ධනාගාර ප‍්‍රධානීන් පියවර ගෙන ඇත.

සිද්ධිය වන අවස්ථාවේ රිමාන්ඞ් භාරයට පත් කෙරුණු සැකකරුවන් 800 ක් පමණ එම බන්ධනාගාරය තුළ රඳවා සිට තිබේ.

කෙසේ වෙතත් ඒ වනවිට ඔවුන් අදාළ වාට්ටුවලට යොමු කර අගුළුලා තිබූ බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පැවසීය.

පැවති වර්ෂාවත් සමග අදාළ තාප්ප කොටස කඩා වැටී ඇති බවත්, එලෙස කඩා වැටී ඇති තාප්පය වසර 80 කට වඩා පැරණි එකක් බවත් බන්ධනාගාර දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පැවසීය.

Rate this item
(0 votes)