March 29, 2024

"මම මේක ඇහුවා කියලා මට බනී. ඒකට කමක් නැහැ" - රනිල් ලොකුම ප්‍රශ්නය ගැන අසයි

කොවිඩ් -19 ව්‍යාප්තිය පාලනය කිරීමට ආණ්ඩුවට සැලැස්මක් නැති බවත් ජනතාව හෙට අනිද්දා එන්නත් කරනවා කියලා එයින් රට මුලාකරන්න එපා යැයි එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

ඔහු මේ බව පැවසුවේ අද (21) පෙරවරුවේ සිරිකොත, එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ පැවති උත්සවයකදීය.

කොවිඩ් එන්නත ගැන කවුරුන් එක්කද කථා කළේ ? මොකක්ද අත්සන් කළේ ? මොකක්ද ලැබෙන්නේ ? කියන ප්‍රධාන ප්‍රශ්ණය ගැන ආණ්ඩුවෙන් අසා නොමැති බවත් සමහර විට මේ ප්‍රශ්ණය ඇසුවා කියා මට මාධ්‍යයෙන් බනිනු ඇති බවත් රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

“මේ රටේ පාර්ලිමේන්තුවෙන් පිට හඬක් ඕනේ. ඒ හඬ ඇතිකරන එකේ වගකීම තමයි මේ නිලධාරි මණ්ඩලය භාරගෙන තිබෙන්නේ. ඒ සමගම අලුත් දැක්මක් අලුත් ප්‍රතිපත්ති, අපේ මූලික ප්‍රතිපත්ති පදනම් කරගෙන සකස් කරන්න තිබෙනවා. එයත් මෙ අලුත් මුහුණුවලට කරන්නට තිබෙනවා. මේ  ජනතාවට ලෙඩ හැදෙනවානම්, කොවිඩ් වසංගතයෙන් අපි නැතිවෙනවා නම් පක්ෂ බේදයෙන් තොරව ඒ අය ආරක්ෂ කරන එක අපේ යුතුකමක්. අද තාම මේ රටේ සැලැස්මක් ඉදිරිපත් කරලා නැහැ කොවිඩ්-19 පාලනය කිරීම පිළිබඳව. ජනතාව හෙට අනිද්දා එන්නත් කරනවා කියලා එයින් රට මුලාකරන්න එපා. ආණ්ඩුවේ යුතුකමක් තියෙනවා කවුරුන් එක්කද කථා කළේ ? මොකක්ද අත්සන් කළේ ? මොකක්ද ලැබෙන්නේ ? ඒ ප්‍රධාන පක්ෂය අහලා නැහැ. සමහර විට මම මේක ඇසුවා කියලා මට මාධ්‍යයෙන් බනී. ඒකට කමන්නේ නැහැ. කොහොමත් මට හැමදාම බනිනවා නේ. බනින්නේ නැති දවසක් නැහැ. එහෙත් රට වෙනුවෙන් අපිට කියන්න මේ කරුණු ටික.“ යැයි රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

Rate this item
(0 votes)