March 29, 2024

රනිල් මේ අවුරුද්දෙත් නායකකම දාලා යන්නේ නෑ - නව මහලේකම්

මෙම වසරේත් එක්සත් ජාතික පක්ෂය ශක්තිමත් කිරීම රනිල් වික්‍රමසිංහ මහතාගේ නායකත්වයෙන්ම සිදුවන බව පක්ෂයේ නව මහලේකම් පාලිත රංගේ බණ්ඩාර මහතා පැවසුවේය.

ඔහු මේ බව සඳහන් කළේ ඊයේ (21) සිරිකොතේදී එක්සත් ජාතික පක්ෂයේ නව නිලධාරී මණ්ඩලය රාජකාරී ආරම්භ කිරීමේ අවස්ථාවට එක්වෙමිනි.

කඩා වැටුණු ආර්ථිකය හදන්නට, දුර්වල තැනට පත් වුණු පක්ෂය ශක්තිමත් කරන්නට පියවර ගත් නායකයෙක් ලෙසත් ඕනෑම අභියෝගයකට ශක්තිමත්ව නොසෙල්වී මුහුණ දීමට හැකි පුද්ගලයෙක් බවත් යථාර්තයක් කර ඇති පසුබිමක තවදුරටත් ඔහුගේ නායකත්වයෙන් පක්ෂය ශක්තිමත් වන බව රංගේ බණ්ඩාර මහතා කියා සිටියේය. 

''පක්ෂයේ නායකකාරකාදීන් විනාශයට පත්වෙලා ඉන්න අවස්ථාවේ, පක්ෂය ඉතාම අසීරු තැනට පත්වෙලා ඉන්න අවස්ථාවේ, වර්තමාන නායක  රනිල් වික්‍රමසිංහ මැතිතුමාට මේ රට භාරගන්න සිද්ධ වුණේ. ඒ අසීරු තැන සිට පක්ෂය නැවත ගොඩනගමින් වරක්  දෙවරක්  තුන්වරක් මේ පක්ෂය ආණ්ඩූ බලයට ගෙන ඒමට තරම් ශක්තිමත් වුණා. එතුමා නායකයා වෙන්න ඉස්සෙල්ලා  අගමැතිවරයා වෙන්න ඉස්සෙල්ලා  ඇමතිවරයෙක් ලෙස මේ රටේ නිදහස් අධ්‍යාපනයට  කන්නන්ගර මැතිතුමාගෙන් පස්සේ අධ්‍යාපනයට අංග රාශියක් එකතු කරමින් තාක්ෂණික අධ්‍යාපනය දියුණු කරමින් ක්‍රීඩා අධ්‍යාපනය ශක්තිමත් කරමින් විශ්ව විද්‍යල හා විද්‍යා පීඨ තවතවත් ආරම්භ කරමින් රටට තාක්ෂණය හඳුන්වා දීමට කටයුතු කළ  මහත්මයෙක් ලෙස ඉහිහාස ගතවෙනවා.'' යනුවෙන් නව මහලේකම්වරයා තවදුරටත් සඳහන් කරන ලදී. 

එමෙන්ම අද දින සිට ඇතිකරගත් එකමුතුකමෙන් ඉදිරි  ගමන ශක්තිමත්ව යන බවද ඔහු කියා සිටියේය. 

Rate this item
(0 votes)
Last modified on Thursday, 21 January 2021 16:43