March 01, 2021

දෙහිවල තැපැල් කාර්යාලයේ සේවිකාවකට කොවිඩ්

දෙහිවල තැපැල් කාර්යාලයේ සේවිකාවකට කොරෝනා වයිරසය ආසාදනය වී ඇති බව වාර්තා වේ.

මෙම සේවිකාව කරන්දෙනිය සිට රාජකාරි සදහා පැමිණෙන අතර අවසාන වශයෙන් පසුගිය සදුදා දින රාජකාරියට පැමිණ ඇති බව වාර්තා වේ.

අසනීප තත්වයක් හේතුවෙන් ප්‍රතිකාර සදහා රෝහල වෙත ගිය අවස්ථාවේ සිදුකල පී.සී.ආර්.පරීක්ෂණයකින් ඇයට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව ඊයේ (20) අනාවරණය වී ඇති බව වාර්තා වේ.

ඒ අනුව ඇය ප්‍රතිකාර මධ්‍යස්ථානය වෙත යොමු කරනු ලැබ ඇත.

Rate this item
(0 votes)