April 25, 2024

බස්නාහිර පලාතේ පාසල් ආරම්භ කරන්නේ මෙහෙමයි... Featured

නව පාසල් වාරය වෙනුවෙන් ජනවාරි මස එකොළොස් වන දා සිට බස්නාහිර සහ හුදකලා කළ ප්‍රදේශ හැර අනෙකුත් සියලූ පාසල් මේ වනවිට ආරම්භ කර ඇති අතර, කොවිඩ් නව සාමාන්‍ය තත්ත්වය යටතේ බස්නාහිර පළාතේ පාසල් ද ආරම්භ කිරීමට ඇති හැකියාව සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමේවිශේෂ හමුවක් ඊයේ (20) අධ්‍යාපන අමාත්‍යාංශයේ දී පැවැත්විණි. දරුවන් සඳහා පාසල් විවෘත කිරීම සම්බන්ධව දෙමව්පියන් ඇතුළු විවිධ සමාජ පාර්ශව විසින් බොහෝ ඉල්ලීම් ලැබුණු අතර, පවතින සෞඛ්‍ය අවදානම හේතුවෙන් සියලු පාසල් සම්බන්ධව පොදු තීරණයක් ලබා දීම කළ නොහැකි බව ද, එක් එක් කලාප සහ  කොට්ඨාස නියෝජනය කරන පාසල්වල පවතින  සෞඛ්‍යය තත්වය සහ පාසල් ආරම්භ කිරීමට  ඇති හැකියාව වෙන්වෙන්ව සොයා බලමින් එම තීරණය ගතයුතු බව ද මෙහිදී සාකච්ඡා විය.ඒ අනුව, බස්නාහිර පළාතේ අධ්‍යාපන කලාප 11ක් තුළ පාසල් 1576 ක් පවතින බවත්, ඒ අතරින් සිසුන් 79,000 කට ආසන්න පිරිසක් එළඹෙන මාර්තු මාසයේපැවැත්වෙන අපොස සාමාන්‍ය පෙළ විභාගයට මුහුණ දීමට නියමිත බවත් අනාවරණය විය.  ඒ අනුව මෙවර සාමාන්‍ය පෙළ විභාගයට මුහුණ දෙන සිසුන් වෙනුවෙන්  ජනවාරි 25 වනදා සිට බස්නාහිර පළාතේ පාසල් 907 ක්ආරම්භ කිරීමට සෞඛ්‍ය බලධාරීන්ගේ එකඟතාව  මතකටයුතු කරනු ලැබේ.

Rate this item
(1 Vote)
Last modified on Thursday, 21 January 2021 11:07