April 20, 2024

තිස්ස රනිල්ට දීපු පොත ගැන රසවත් කතා - දෙන්න ඕනම කෙනාට පොත දීලා තියෙන්නේ

හිටපු එක්සත් ජාතික පක්ෂ මහ ලේකම්වරයෙකු වූ තිස්ස අත්තනායක මහතා බන්ධනාගාරගතව සිටියදී ලියන ලද "නොකී කතා" පොත එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාට පසුගියදා පිළිගැන්වීම මුල් කොටගෙන රසවත් සටහන් කිහිපයක් මුහුණු පොතේ දක්නට ලැබේ.

එම සටහන් අතර තිබෙන බොහොමයක් සටහන් වල දක්නට තිබෙන්නේ පොත දිය යුතු නියම පුද්ගලයාට පිළිගැන්වූ බව ය.

එනම් පොතට මූලාශ්‍ර සපයා ගැනීමට හේතු වූ තිස්ස අත්තනායක මහතාගේ බන්ධනාගාරගත වීමට මග සැලසූ පුද්ගලයා එවකට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා නිසාය.

කූට ලේඛන සැකසීම යන චෝදනා යටතේ අත්තනායක මහතා බන්ධනාගාර ගත කළේ වික්‍රමසිංහ මහතා මෙන්ම එවකට ජනපතිව සිටි මෛත්‍රිපාල මෛත්‍රිපාල සිරිසේන මහතා අත්තනායක මහතාට එරෙහිව දැමූ පැමිණිලි පදනම් කොටගෙනය.

මෙම පැමිණිලි මත අත්තනායක මහතා දින 55ක් බන්ධනාගාරගතව සිටි අතර අවසානයේ පැමිණිලි පාර්ශව අධිකරණයට නොපැමිණීමේ හේතුකොට ගෙන ඔහුව සියලු චෝදනාවලින් නිදොස් කොට නිදහස් කරන ලදී.

Rate this item
(0 votes)
Last modified on Thursday, 21 January 2021 11:11