April 25, 2024

රංගේ බණ්ඩාර මගේ චොයිස් එකක් නෙමෙයි - මම දාන්න හිටියේ වෙන චොයිස් එකක් : රනිල් හෙළි කරයි

එක්සත් ජාතික පක්ෂයේ නව මහ ලේකම් ලෙස පත් කළ පාලිත රංගේ බණ්ඩාර මහතාව එම ධුරයට පත් කළේ තමාගේ අවශ්‍යතාවයට නොව පක්ෂයේ පිරිසකගේ ඉල්ලීම නිසා බව පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා හෙළිදරව් කරයි.

තමා එක්සත් ජාතික පක්ෂ මහ ලේකම් ලෙස පත් කිරීමට සූදානමින් සිටියේ එම ධූරයේ වැඩ බැලූ ශමල් සෙනරත් මහතාව බවද වික්‍රමසිංහ මහතා අනාවරණය කර තිබේ.

රනිල් වික්‍රමසිංහ මහතා මෙම අනාවරණයන් කර තිබෙන්නේ හිටපු පක්ෂ මහ ලේකම්වරයෙකු වූ තිස්ස අත්තනායක මහතා හමුවේය.

මීට ටික දිනකට පෙර තිස්ස අත්තනායක මහතා තමන් බන්ධනාගාරගතව සිටියදී ලියන ලද "නොකී කතා" පොත වික්‍රමසිංහ මහතාට පිළිගැන්වීම සඳහා ඔහුගේ නිවසට ගිය අවස්ථාවේ දී වික්‍රමසිංහ මහතා මෙම කරුණු හෙළිදරව් කර තිබේ.

Rate this item
(0 votes)
Last modified on Thursday, 21 January 2021 11:06