April 16, 2024

එක් තරුණයකුට යුද පුහුණුව ලබා දෙන්න ලක්ෂ හත හමාරක් ඕන - වීරසේකරගේ යෝජනාවට ෆොන්සේකාගෙන් ප්‍රතිචාර

එක් තරුණයෙකුට 6 මාසයක යුද පුහුණුවක් ලබාදීමට අවම වශයෙන් රු හත් ලක්ෂ පනස් දහසක මුදලක් වැය වන බව හිටපු හමුදාපතිවරයෙකු වන ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා පෙන්වා දී තිබේ.

ඒ අනුව වයස අවුරුදු 18 පිරුන තරුණ තරුණියන් ලක්ෂයකට හය මසක යුද පුහුණුවක් ලබාදීමට රුපියල් මිලියන හැත්තෑපන් දහසක් වැය වන බව පෙන්වා දෙන ෆොන්සේකා මහතා එවන් මුදලක් වැය කිරීමට ආර්ථික ශක්තියක් රටට නොමැති මෙන්ම එසේ කරන ආයෝජනයෙන් ප්‍රතිලාභයක් ද නොමැති බව අවධාරණය කරයි.

සරත් ෆොන්සේකා මහතා මෙම අදහස් පළ කළේ මහජන ආරක්ෂාව භාර ඇමති සරත් වීරසේකර මහතා වයස අවුරුදු 18 ඉක්මවන සෑම තරුණ තරුණියකට ම විනය හැදීම සඳහා හය මසක යුද පුහුණුවක් ලබාදිය යුතු බවට ගෙන ආ යෝජනාවට පිළිතුරු දෙමිනි.

සාමාන්‍යයෙන් වාර්ෂිකව අපොස උසස් පෙළ විභාගයට ළමුන් ලක්ෂ හතරක ප්‍රමාණයක් පෙනී සිටින අතර ෆොන්සේකා මහතා පෙන්වා දෙන වියදම් වලට අනුව එවන් පිරිසකට අවි පුහුණුවක් ලබාදීම සඳහා රුපියල් මිලියන තුන් ලක්ෂයක් පමණ වැය වනු ඇත.

Rate this item
(0 votes)
Last modified on Thursday, 21 January 2021 10:58