April 24, 2024

එකම රටක් එක නීතියක් බොරු කරමින් කාති තනතුරු සඳහා අයඳුම්පත් කැඳවලා.

කාති උසාවි මගින් තමන්ට දැඩි අසාධාරණකම් සිදුවන බැවින් එම උසාවි අහෝසි කරන්නැයි ඉල්ලා මුස්ලිම් ජාතික කාන්තාවන් රැසක් පසුගිය කාලයේ හඬ නැගීය.එවන් තත්ත්වයක් මැද කාති තනතුරු සඳහා අධිකරණ සේවා කොමිසම අයඳුම්පත් කැඳවා තිබේ.

මෙම උසාවි මගින් තමන්ට අසාදාරන කම් වන බව විශාල වශයෙන් මුස්ලිම් කාන්තාවන් හඩක් නැගුවා

ඊට අදාළ ගැසට් නිවේදනය ද පසුගිය පළමුවනදා නිකුත් වී තිබුණි.

එමගින් අම්පාර, අනුරධපුරය, කලුතර, හම්බන්තොට, මඩකලපුව, නුවරඑළිය, කෑගල්ල, මාතර, ත්‍රිකුණාමලය, මහනුවර, අම්පාර, පොළොන්නරුව, සහ මඩකලපුව යන දිස්ත්‍රික්ක 12 ඇතුළුව ස්ථාන 25ක කාති තනතුරු සඳහා අයදුම්පත් කැඳවා තිබේ.

අධිකරණ සේවා කොමිෂන් සභාව සදහන් කළේ මෙම ගැසට් නිවේදනයට අදාළ දැන්වීම් ප්‍රසිද්ධ පුවත්පත් කිහිපයකද පළකර ඇති බවය.

අයඳුම්පත් ඉදිරිපත් කළ හැකි අවසන් දිනය ලබන 31 වනදා ය.

කෙසේ වෙතත් මෙම ක්‍රියාමාර්ගය මගින් එකම රටක් එක නීතියක් යන සංකල්පය සම්පුර්ණයෙන්ම බිද වැටෙන බව බොහෝ දෙනාගේ මතයයි.

Rate this item
(0 votes)