February 28, 2021

ගුවන් තොටුපොල අද සිට විවෘතයි ...

සංචාරකයන්ට අද (21 වැනිදා) පටන් රට විවෘත වීමත් සමග පළමු සංචාරක පිරිස රැගත් qr 668 ගුවන් යානය කටාර් රාජ්‍යයේ සිට අද අලුයම 2.15ට කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළට ළඟා වුනු බවට වාර්තා වනවා 

ගුවන් තොටුපළ මෙලෙස විවෘත වුණේ මාස දහයකට පසුවය. සංචාරක ගුවන් මගීන් ශ්‍රී ලංකා සංචාරක මණ්ඩලයේ www.srilanka.travel යන වෙබ් අඩවියට පිවිස ශ්‍රී ලකා සංචාරක මණ්ඩලයේ අනුමත එහි ලියාපදිංචි වී ඇති හෝටල් 53න් එකක් තෝරා ගත යුතුව ඇත. ඉන්පසුව ඇමෙරිකානු ඩොලර් 40ක මුදලක් තැන්පත් කර ශ්‍රී ලංකාවේ දී පී.සී.ආර්. පරීක්ෂණයක් සිදු කිරීම සඳහා රිසිට් පතක් ලබා ගත යුතුවෙයි. මෙම සංචාරකයින් ශ්‍රී ලංකාවේ දින 01 – 06 අතර ගත කරන්නේ නම් එක් පී.සී.ආර් පරීක්ෂණයක් ද දින 07කට වඩා වැඩි කාලයක් රැඳී සිටින්​නේ නම් තවත් පී.සී.ආර්. පරීක්ෂණයක් ද කළ යුතුය. මෙරට සිදු කරනු ලබන එක් පී.සී.ආර්. පරීක්ෂණයක් සඳහා ඔවුනගෙන් ඇමරිකානු ඩොලර් 40ක මුදලක් අය කරනු ලැබේ.

ඊට අමතරව ඇමෙරිකානු ඩොලර් 12ක් වැය කර සංචාරකයන් කොවිඩ් රක්ෂණ ආවාරණයක් ද ලබාගත යුතුය.

Rate this item
(0 votes)