April 20, 2024

ශිරන්ති රාජපක්ෂගේ බාල සහෝදරයා වන ශ්‍රීමාල් වික්‍රමසිංහ -සීෂෙල්ස් රාජ්‍යයේ මහකොමසාරිස් දුරයට ?

ශිරන්ති රාජපක්ෂගේ බාල සහෝදරයා වන ශ්‍රීමාල් වික්‍රමසිංහ සීෂෙල්ස් රාජ්‍යයේ ශ්‍රී ලංකා මහකොමසාරිස් ලෙස නම් කර ඇති බව වෙබ් අඩවියක් වාර්තා කොට තිබුනා.

සීෂෙල්ස් රාජ්‍යය සමඟ ශ්‍රී ලංකාව සබඳතා පටන් ගනු ලැබූවේ 2010-14 ජනාධිපති මහින්ද රාජපක්ෂගේ දෙවන ධුර කාලය තුළදීය. එම කාලයේ දී සීෂෙල්ස් රාජ්‍ය තුළ ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාලයක් ද, ලංකා බැංකු ශාඛාවක්ද ආරම්භ කරන ලදී. ශ්‍රී ලාංකිකයන් ඉතා සුළු ප්‍රමාණයක් වාසය කරන සීෂෙල්ස් රාජ්‍යය තුළ තානාපති කාර්යාලයක් සහ ලංකා බැංකු ශාඛාවක් පිහිටුවීම එකල දැඩි අවධානයට ලක්ව තිබුණි. මෙම කුඩා නැගෙනහිර අප්‍රිකානු රාජ්‍යය කළු සල්ලි සුදු කිරීමේ මධ්‍යස්ථානයක් ලෙස ලොව පුරා ප්‍රකටව තිබෙන බවත් එහිදී වාර්තා කොට තිබුනා .

ශිරන්ති වික්‍රමසිංහ ගේ වැඩිමහල් සොහොයුරු නිශාන්ත වික්‍රමසිංහ 2010-14 සමයේ ශ්‍රී ලංකන් එයාර් ලයින් හා මිහින් ලංකා සභාපතිවරයා ලෙස කටයුතු කළේය. ශ්‍රී ලංකන් ගුවන් සේවයේ මුදල් නාස්තිය සහ බලය අයුතු ලෙස පරිහරණය පිළිබඳ ඔහුට චෝදනා රැසක් එල්ල වුනා.

Rate this item
(1 Vote)