April 24, 2024

හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩ මහතාට එරෙහි නඩුව ලබන මස විභාගයට ...

හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩ මහතා අතුළු නාවික හමුදා නිලධාරීන් 14 දෙනෙකුට එරෙහි නඩුව ලබන පෙබරවාරි මස 19 වැනිදා කැඳවීමට ත‍්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල  අද(20 ) නියම කොට තිබෙනවා. කොළඹ කොටහේන හා තදාසන්න ප‍්‍රදේශ වල තරුණයින් 11 දෙනෙකු කප්පම් ලබාගැනීම සදහා පැහැරගෙන ගොස් අතුරුදන් කිරීම සම්බන්ධයෙන් මොවුන්ට චෝදනා එල්ල වී තිබුනා .
 කොරෝනා වසංගත තත්වය හේතූවෙන් පසුගිය කාලයේ කැදවීමට නොහැකිව තිබු මෙම නඩුව ලබන පෙබරවාරි මස 19 වැනිදා කැඳවන බව නඩුවේ විත්තිකරුවන් ඇතුළු පාර්ශවකරුවන්ට දැනුම් දෙන ලෙස විනිසුරු මඩුල්ල අධිකරණයේ ලේඛාධිකාරීවරයාට නියම කළ බව වාර්තා වනවා. 

Rate this item
(0 votes)