April 25, 2024

තත්ත්වය දරුණු අතට - සෞඛ්‍ය කාර්ය මණ්ඩලය දවස ගානෙ ලෙඩ වෙනවා

ගෙවී ගිය දින 19 ඇතුළත රෝගීන් 11000ට වැඩි ප්‍රමාණයක්  වාර්තා වී තිබෙන අතර ඒ අනුව දිනකට 600කට වැඩි දෙනෙක් හඳුනා ගැනෙමින් පවතින හෙයින්  තත්ත්වය බරපතල වෙමින් පවතින බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පෙන්වා දෙයි. 

එම සංගමය විසින් කොළඹදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් එහි සංස්කාරක වෛද්‍ය හරිත අළුත්ගේ මහතා පැවසුවේ දෛනිකව මෙලෙස රෝගීන්  වාර්තා වන විට අපගේ සෞඛ්‍ය  පද්ධතිය ඊට සූදානම් ද යන ප්‍රශ්නය මතු වෙන බවය. 

විශේෂයෙන් ඉතා  සීමිත සම්පත් ප්‍රමාණයකින් මහජන සෞඛ්‍ය පද්ධතිය රැකගෙන ඉදිරියට යාමට හැකිද යන ප්‍රශ්න පවතින බව වෛද්‍ය හරිත අළුත්ගේ මහතා කියා සිටියේය. 

''අනෙක් පැත්තෙන් අපේ සෞඛ්‍ය කාර්ය මණ්ඩලය දවස ගානේ ලෙඩ වෙමින් තියෙනවා. ඒ අයට කොවිඩ් වැළදෙමින් තියෙනවා. ඒ අය නිරෝධායනයට යොමුකරමින් තියෙනවා. මොකද එක වෛද්‍යවරයෙක් පොසිටිව් වුණොත් වටේට ආශ්‍රිතයෝ දහ දෙනෙක් හැදුනොත් අපේ සෞඛ්‍ය කාර්ය මණ්ඩලයේ දහ දෙනෙක් එතනින් ඉවත් කරන්න වෙනවා තාවකාලිකව. එම නිසා සෞඛ්‍ය කාර්ය මණ්ඩලය කොවිඩ් නිසා ගිලන් වීම ඉතා භයානක ප්‍රවණතාවක්.''

ඒ අනුව අද පවතින තත්ත්වය ගැන අද හරි තීරණ නොගතහොත් හෙට වන විට පසුතැවිලි වීමට සිදුවන බව අළුත්ගේ මහතා සඳහන් කළේය. 

අශ්වයා පැන ගිය පසු ඉස්තාලය වස පලක් නැති හෙයින් සෞඛ්‍ය පද්ධතිය රැකගනිමින් ඉදිරියාට් ගමන් කළ යුතු බවයි ඔහු අවධාරණය කළේය. 

Rate this item
(0 votes)
Last modified on Wednesday, 20 January 2021 16:50