March 29, 2024

"ඔව් මේ ආණ්ඩුව ෆේල්..මතක තියාගන්න සාටක දාලා හොඳට ලෑස්ති වෙලා ඉන්න" - ඇමැති මහින්දානන්දගෙන් සැර කතාවක්

බැඳුම්කර සිද්ධියට අදාල අය ඇතුලට යවපු නැති නිසා මේ ආණ්ඩුව ෆේල් බව තමා පිළිගන්නා බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා අද(20) පාර්ලිමේන්තුවේදී පැවසීය.

"මතක තියාගන්න සාටක දාලා හොඳට ලෑස්ති වෙලා ඉන්න" යැයි විපක්ෂයේ මන්ත්‍රීවරුන්ට අමාත්‍යවරයා පැවසීය.

"ආණ්ඩුවට ඇවිල්ලා පළමු සතියේදී අල්ලලා හිරේ දැම්මනම් මේවා ඔක්කොම වහගෙන ඉන්නවා දෙකට නැමිලා ඒක තමා මේ ආණ්ඩුවේ අසමත්භාවය" යැයි අමාත්‍යවරයා සඳහන් කළේය.

Rate this item
(2 votes)
Last modified on Wednesday, 20 January 2021 13:48