April 25, 2024

අතුරුදහන් වී සිටි චීන බිලියනපති ජැක් මා ප්‍රසිද්ධියේ පෙනී සිටියි (VIDEO)

චීන රජය විවේචනය කරමින් මතවාදාත්මක ප්‍රකාශයක් කිරීම නිසා ගැටලු රැසකට මුහුණ දී සිටින චීන සුප්‍රසිද්ධ බිලියනපති ජැක් මා අතුරුදහන් ව ඇතැයි විදෙස් මාධ්‍ය බොහෝමයක් වාර්තා කර තිබුණි.

මාස කිහිපයක් ප්‍රසිද්ධියේ පෙනී නොසිටීම හේතුවෙන් ඔහු අතුරුදහන් වී ඇතැයි අනුමාන කර තිබුණු අතර ඔහු අද (20) දිනයේ වීඩියෝ තාක්ෂණය හරහා ප්‍රසිද්ධීයේ පෙනී සිටියේය.

චීන පුවත් අඩවියක් වන ටියැන්මු නිවුස් විසින් පළ කරන ලද පුවතක වීඩියෝ දර්ශනයක ජැක් මා පෙනී සිටින ආකාරය මෙලෙස දැකගත හැකි විය.

චීනයේ උත්සව දිනයක් වන ලාබා උළෙලට සමගාමීව පවත්වනු ලබන සම්මාන උළෙලක් සඳහා චීන ගුරුවරුන් සමඟ වීඩියෝ තාක්ෂණය හරහා පැවැති සාකච්ඡාවකට මෙලෙස ජැක් මා ඉදිරිපත් ව තිබේ.

"වසංගතය අවසන් වූ පසු අපි නැවත හමුවෙමු" යැයි මා වීඩියෝවෙහි සඳහන් කරමින් කියා සිටියේ කොවිඩ් -19 නිසා සාම්ප්‍රදායික උත්සව කටයුතු අවලංගු කර ඇති බවයි.

එම වීඩියෝව පහතින්,

Rate this item
(0 votes)