March 28, 2024

ඇලරීස් ගෙන්වපු ලස්සන වෙන්න ගන්න ටැබ්ලට් තහනම රේගුව ඉවත් කර ගනී... වැරදීමක්ලු

සමට විස සහිත නිෂ්පාදන තුනකට තහනම් නියෝග නිකුත් කරමින්  ඇලරිස් ලංකා (පුද්ගලික) සමාගම ගෙන්වනු ලබන රූපලාවන්‍ය ටැබිලට් කියිපයකට තහනම් නියෝග පනවා තිබුනු බව එක් මාධ්‍යක් මගින් ඊයේ පල කොට තිබුනා.

ඒ අනුව ජාතික ඖෂධ නියාමන අධිකාරිය ග්ලූටතයෝන් අණුවේ සංයෝගයක් සහිත නිෂ්පාදන නිකුත් කිරීම තහනම් කිරීමට නියෝග කර තිබෙනවා.

මෙම තහනම වෙළඳ නාම සහ නිෂ්පාදන තුනකට අදාලව නිකුත්කර ඇත.

ඕස්ට්‍රේලියාවෙන් ෆේසියා-ප්‍රිමියම්, ඉන්දියාවෙන් ලියා-ෆෙයාර්නස් සහ පකිස්තානයේ ෆාමහෙල්ත් වෙතින් ඊවන්ටෝන් සී. මෙම වෙළඳ නාම තුනම දැනට ආනයනය කරනු ලබන්නේ 2002 දී ආරම්භ කරන ලද ඖෂධ සමාගමක් වන ඇලරිස් ලංකා (පුද්ගලික) සමාගම විසිනි.

එබැවින් එම අණු අඩංගු සියලුම නිෂ්පාදන රාජසන්තක කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ශ්‍රී ලංකා රේගුවට නියෝග කර තිබෙන බව දැන ගැනීමට ලැබුනා .

අදාල සමාගම රූපවාහිනී ආයතන වෙනුවෙන් මසකට මිලියන 10 කට වඩා ප්‍රචාරනය වෙනුවෙන්  වියදම් කරනවා .

එමෙන්ම කළා ක්ශ්‍රේත්‍රයේ ප්‍රකට නලු නිලියන් මෙම ආයතනයේ ප්‍රචාරන වැඩ  වෙනුවෙන් පෙනී සිටින අතර ඒ වෙනුවෙන් ආයතනය විශාල පිරිවැයක් දරණ බව නොරහසක් . 

19 වනදා වූ මෙම සිද්ධියට අදාලව අද වන විට තත්වය මුලු මනින්ම වෙනස් වී තිබෙනවා. 

ඖෂධ නියාමන අධිකාරිය දැන් පවසා සිටින්නේ එවැනි ලිපියක් තමන් විසින්යොමු නොකල බවයි. අප මේ පිළිබඳව ඖෂධ නියාමන අධිකාරියේ වෙද්‍ය කමල් ජයසිංහ මහතා පවසා සිටියේ තමාගේ අත්සන වෙනත් 

කෙනෙකු යොදා බවයි.

මේ පිළිබඳව රේගු අධිකාරියේ මාධ්‍ය  ප්‍රකාශකවරයා පැවසුවේ අදාල ඖෂධ සමාගම මගින් මේ පිළිබඳව තමන් දැන්වත් කර බවත් මෙහිදී තමන් ඖෂධ නියාමන අධිකාරියෙන් විමසීමක් කල අතර එහිදී මෙම ලිපිය ව්‍යාජ එකක් බව ඔවුන් තහවුරු කර බවත් කියා සිටියා . ( අදාල හඬ පටය පහලින් ) 

පිළිගත් රාජ්‍ය ආයතනයක් වන ශ්‍රී ලංකා රේගුව මගින් මාධ්‍යයට නිකුත් කරනු ලබන ලේඛනයන්  එසේ නිකුත්  කරනු ලබන්නේ නිසි සොයා බැලීමකින් තොරව ද අපට ගැටලුවකි . මෙම අදාල රූපලාවන්‍ය නිෂ්පාදන පිළිබඳව සමාජයේ විවිධ කථාබහ පවතින අතර මේවා පිළිබදව නිසි නියාමනයක් සිදු කිරීම අත්‍යාවශයෙන් කළ යුතු කරුණකි. 

Rate this item
(0 votes)