April 25, 2024

කොවිඩ් ආසාදිතයන් හඳුනා ගන්න රාවණා බලයට පුලුවන්ලු

ඉතා සුළු වේලාවකදී කොවිඩ් වෛරසය ආසාදිත වී සිටින රෝගීන් හඳුනා ගැනීමටද හෙළ වෙදකමෙන් හැකි බව රාවණා පැණිය හඳුන්වා දුන් රිටිගල දේවේන්ද්‍ර නමැත්තා පවසයි.

නවීන විද්‍යාවට අනුව PCR පරීක්ෂණ සිදු කර ප්‍රතිඵල ලබා ගැනීමට දින කිහිපයක් ගතවුවද තමන් සතු ක්‍රමවේදය හරහා ක්ෂණයකින් ආසාදිතයන් හඳුනා ගැනීමට හැකියාව ලැබෙන බව රිටිගල දේවේන්ද්‍ර මහතා පවසයි.

රාවණා පැණිය මේ වනවිටත් විශාල ප්‍රමාණයකට ලබා දී ඇති බවත්, පසුගියදා ආසාදිතයන් වශයෙන් හඳුනාගත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට පවා ලබාදුන් බවත් ඔහු පවසයි. 

මෙම පැණිය නීතිවිරෝධී ඖෂධයක් නොවන බවත්, හෙළ වෙදකමේ පුරාණ වට්ටෝරුවලට අනුව මෙය සකස් කර ඇති බවත් රිටිගල දේවේන්ද්‍ර මහතා ප්‍රකාශ කර සිටියි.

Rate this item
(0 votes)