April 23, 2024

පාර්ලිමේන්තුව අද දෙවැනි දිනටත් රැසේවේ

කොවිඩ් වෛරස ව්‍යාප්තිය හමුවේ අද (20) දෙවන දිනටත් පාර්ලිමේන්තුව පැවැත්වේ.

මෙම සතිය තුළ දින දෙකකට පමණක් පාර්ලිමේන්තු කටයුතු සීමා කිරීමට පසුගියදා පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබද කාරක සභාවේ දී තීරණය කෙරුණි.

ඒ අනුව ඊයේ (19) දිනයේ දී පාර්ලිමේන්තුව පැවති අතර අද දිනයේ ද සුපුරුදු පරිදි උදෑසන 10.00ට පාර්ලිමේන්තුවේ කටයුතු ආරම්භ වීමට නියමිතය.

උදෑසන 10.00 සිට 11.00 දක්වා පැයක කාලයක් මන්ත්‍රීවරුන්ගේ වාචික පිළිතුරු අපේක්ෂාවෙන් යොමුකෙරෙන ප්‍රශ්න සඳහා කාලය වෙන්කර තිබේ.

ඉන් අනතුරුව ජාතික ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා ඉදිරිපත් කර ඇති සභාව කල්තැබීමේ යෝජනාව විවාදයට ගැනීමට නියමිතය.

එම විවාදය පෙරවරු 11.00 සිට පස්වරු 4.30 දක්වා පැවැත්වීමට නියමිත අතර පාර්ලිමේන්තුව විසින් අනුමත කරන ලද විවිධ නීති රෙගුලාසී යටතේ අමාත්‍යවරුන් විසින් ඉදිරිපත් කරනු ලබන අතිවිශේෂ ගැසට් පත්‍රයක් මඟින් පළකරනු ලබන නියෝග ක්‍රියාත්මක නොවීම සම්බන්ධයෙන් ද මෙම සභාව කල්තැබීමේ යෝජනාව ඉදිරිපත් කෙරෙනු ඇත.

කෙසේවෙතත් අද දිනයේ දිවාභෝජනය සඳහා පාර්ලිමේන්තු රැස්වීම අත්හිටුවීමකින් තොරව පැවැත්වීමට තීරණය කර තිබේ.

Rate this item
(0 votes)