April 19, 2024

යළිත් වරක් මෙරට ජාතික නායකයා ගෝඨාභය - ඇමැති බන්දුලගෙන් යෝජනාවක්

ගෝඨාභය රාජපක්ෂ මහතා තවත් වරක් මෙරට ජාතික නායකයා ලෙස පත්විය යුතුව ඇතැයි ඇමැති බන්දුල ගුණවර්ධන මහතා පවසයි.

වත්මන් රජය වසංගත තත්වය හමුවේ රැකියා අවස්ථා බිහි කරමින් ස්වයංපෝෂිත ආර්ථික රටාවක සමස්ත මහජනතාව හුරු කිරීමට ක්‍රියාමාර්ග රැසක් ගෙන ඇති බව ද ඔහු පැවසීය.

ඔහු මේ බව සඳහන් කළේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සිව් වැනි සංවත්සරය වෙනුවෙන් හෝමාගමදී පැවති තරුණ සමුළුව අමතමිනි.

වසංගත තත්වය හේතුවෙන් දිනකට ලෝපුරා ජීවිත දහස් ගණනක් අහිමි වෙද්දී ජනාධිපතිවරයා ඇතුළු වත්මන් රජය පලමු වගකීම ලෙස පුරවැසි ජීවිත සුරක්ෂිත කිරීම මැනැවින් ඉටු කිරීමට සියලූ ක්‍රියාමාර්ග ගෙන ඇතැයි ද එහිදී ඔහු තව දුරටත් පැවසීය.

Rate this item
(0 votes)

Related items