April 25, 2024

විපක්ෂ නායකට විපක්ෂයේම මන්ත්‍රීවරයෙකු කණට ගසයි - මන්ත්‍රී පොලීසියට රැගෙන යයි (VIDEO)

මිහින්තලේ ප්‍රාදේශිය සභාවේ විපක්ෂ නායකවරයාට විපක්ෂයේ ම මන්ත්‍රීවරයෙකු විසින් මිහින්තලේ ප්‍රාදේශිය සභා රැස්වීම අතරතුරදී අද (19) පහරදීමක් සිදුකර තිබේ.

එහිදී විපක්ෂ නායකවරයා ප්‍රාදේශිය සභා රැස්වීම සඳහා පැමිණ ඇති අතර ඒ වනවිට විපක්ෂනායක අසුනේ‍ විපක්ෂය නියෝජනය කරන මන්ත්‍රීවරයෙකු වන ඉන්දික රුක්ෂාන් මන්ත්‍රීවරයා අසුන්ගෙන සිට තිබේ.

එම අවස්ථාවේදී එම ස්ථානයේ උණුසුම් තත්ත්වයක් හටගෙන ඇත.

එහිදී ඉන්දික රුක්ෂාන් මන්ත්‍රීවරයා විපක්ෂනායක අසුනෙන් නැගිට විපක්ෂනායක නිසාර් මොහොමඩ් මහතාට පහරක් එල්ල කළේය.

එය ජංගම දුරකථනයකින් වීඩියෝ කර තිබේ.

මිහින්තලේ ප්‍රාදේශිය සභාවේ විපක්ෂ නායකවරයා සමගි ජන බලවේගය නියෝජනය කරන බවත් ඉන්දික රුක්ෂාන් මන්ත්‍රීවරයා එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරන බවත් වාර්තා වේ.

ඉන් පසු එම ස්ථානයට මිහින්තලේ පොලීසියේ නිලධාරීන් පිරිසක් ද පැමිණ තිබේ.

මේ වන විට ඉන්දික රුක්ෂාන් මන්ත්‍රීවරයා මිහින්තලේ පොලීසිය වෙත රැගෙනගොස් ඇති බව වාර්තා වේ.

එම වීඩියෝව පහතින්,

Rate this item
(0 votes)
Last modified on Tuesday, 19 January 2021 16:09