March 28, 2024

යුක්රේන සංචාරකයින් ගෙන් රුපියල් කෝටි 42 ක් ලැබිලා

යුක්රේන සංචාරකයින් 1500 ක් පසුගිය සති තුනක කාලයේ  මෙරටට පැමිණි බවත් ඉන් මෙරටට ලැබුනු ආධායම කෝටි 42ක්  බවත් වාර්ත් වනවා. මෙරටට පැමිණෙන සංචාරකයින් වෙනුවෙන් හෝටල් 180ක් පමන පහසුකම් සපයා තිබෙනවා. මෙම හෝටල් සියල්ල සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුගමනය කළ බවත් ඉදිරියටත් එලෙසම සෞඛ්‍ය මාර්ගෝපදේශ නිසි පරිදි අනුගමනය කිරීමට බලාපොරොත්තු වන බවත් සංචාරක අමාත්‍ය ප්‍රසන්න රනතුංග මහතා සදහන් කොට සිටියා. ඉදිරියටත් සංචාරකයින්  පැමිණීමේ ක්‍රියාවලිය බුබුලු ක්‍රමයට ක්‍රියාත්මක වීමට නියමිත බව ඔහු ප්‍රකාශ කර සිටියා. 

Rate this item
(0 votes)