March 29, 2024

යුක්‍රේන සංචාරකයින් අරන් උදයංග පොළොන්නරුවට

ශ්‍රී ලංකාවට පැමිණ සිටින යුක්‍රේන ජාතික සංචාරකයෝ 45 දෙනෙකු අද (19) ඓතිහාසික පොළොන්නරුව පුජා භූමියේ සිද්ධස්ථාන නැරඹීම සඳහා පැමිණ සිටියහ.
 
උදයංග වීරතුංග මහතා ඇතුළු මෙම කණ්ඩායම පොලොන්නරුවට පැමිණිමෙන් පසු  මධ්‍යම සංස්කෘතික අරමුදල පොලොන්නරුව ව්‍යාපෘති කාර්යාලයේ නිලධාරීන් විසින් යුක්රේන් ජාතික සංචාරකයෝ මහත් හරසරින් පිළිගෙන ගනු ලැබූහ.
 
බස් රථ කීපයකින් පොලොන්නරුවට   පැමිණි විදේශීය සංචාරකයන් හට පොලිසිය සහ යුද හමුදාවේ පූර්ණ ආරක්ෂාව සපයා තිබිණි.

Rate this item
(0 votes)