April 19, 2024

විපක්ෂයේ පුටු පෙරළියක් - වෙල්ගමට මනූෂට අලුත් තැනක්

රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ නව සාමාජිකයින් ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන කුමාර වෙල්ගම සහ මනූෂ නානායක්කාර මහතා පත්කර තිබේ.

අද (19) පෙරවරු 10.00 ට පාර්ලිමේන්තු සභාවාරය ආරම්භ වූ අතර එහිදී කථානායකවරයා මේ බව පැවසීය.

එම කාරකසභාවේ සාමාජිකයින් ලෙස කටයුතු කළ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන චමින්ද විජේසිරි මහතා සහ හේෂා විතානගේ මහතා ඉල්ලා අස්වීම හේතුවෙන් ඇති වූ පුරප්පාඩු සඳහා තේරීම් කාරක සභාව විසින් නම් කරනු ලැබූ නම් එලෙස කථානායකවරයා අද පෙරවරුවේ දී නිවේදනය කර තිබේ.

Rate this item
(0 votes)