April 25, 2024

මැදිරිගිරියෙ කොල්ලො 39 යි කෙල්ලො 13 නිරෝධායන නීති නොතකා ෆේස්බුක් සාදයක් දාලා - මත්පැන් , ගංජා සමග අත්අඩංගුවට

මැදිරිගිරිය ප්‍රදේශයේ හෝටලයක ෆේස්බුක් සාදයක් වැටලීමට මැදිරිගිරිය පොලීසිය කටයුතු කළා . මෙම සියලු තරුණ තරුණියන් පසුගිය දා පැවති උසස් පෙළ විභාගයට පෙනී සිටි අයයි . වැටලීම සිදු කරන අවස්ථාවේ මත්පැන් පානය කරමින් සිටි අතර ඔවුන් සන්තකයේ තිබී කේරල ගංජා ග්‍රෑරෑම් 8 ක් ද ්ත්අඩංගුවට ගත් බව පොලීසිය වාර්තා කොට තිබෙනවා. මෙම තරුණ තරුණියන් හිඟුරක්ගොඩ ප්‍රදේශයේම අය බව පැවසෙනවා.  මෙම සාදය වෙනුවෙන් ගැහැනු ලමයෙකුගෙන් රුපියල් 1700ක් හා පිරිමි ළමයෙකුගෙන් 2300 ක් එනතු කොට තිබෙනවා. නිරෝධානය නීති රීති උල්ලංඝනය කරමින් දුරස්ථභාවය පවත්වා නොගනිමින් ප්‍රිය සම්භාෂන පැවැත්වීම සහ එයට ආධාර අනුබල දීම සම්බන්ධව ඔවුන් අත්අඩංගුවට ගත්  අතර පොලිස් ඇප මත දෙමාපියන්ට භාර දී තිබෙනවා. 

Rate this item
(0 votes)