April 24, 2024

කොරෝනා එන්නත මාර්තුවේදි ලංකාවට

කොරෝනා  පාලනය සඳහා  ශ්‍රී ලංකාවට ගෙන ඒමට සූදානම් වන  එන්නත ලබන මාර්තු මාසයේදී පමණ  භාවිතයට  ලබා දීමට  හැකිවනු ඇතැයි ජනමාධ්‍ය  අමාත්‍ය, කැබිනට් මාධ්‍ය ප්‍රකාශක කෙහෙළිය රඹුක්වැල්ල මහතා අද(19)  පැවසීය.

අමාත්‍ය මණ්ඩල තීරණ දැනුම්දීමේ  ප්‍රවෘත්ති සාකච්ජාවේදී අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

එන්නත ගෙන්වීම පිළිබඳව මූලික සාකච්ඡා  සිදු කර ඇති බවත් පැවසු අමාත්‍යවරයා,  මේ වන විට   එන්නත් සම්බන්ධව නිෂ්පාදකයින් හතර දෙනකු  සමඟ සාකච්ඡා කර ඇති බවත් ඔවුන්ගෙන් සාධනීය පිළිතුරු ලැබී ඇති බවත්  කීවේය.  

ශ්‍රී ලංකාවට  ගැලපෙන එන්නතක් ලබා ගැනීම සම්බන්ධ රටේ පසුබිම සමඟ තීන්දු තීරණ ගනිමින් පවතින බවත් කෙසේ වෙතත් සාමාන්‍ය ජනතාවට මාර්තු මාසයේදී එන්නත ලබා දීමට හැකිවනු  ඇතැයි බලාපොරොත්තු වන බව හෙතෙම කීවේය.

එන්නත ලබා දීමේදී ප්‍රමුඛතා ලැයිස්තුවක් අනුව එය ලබා දීමට සැළසුම් කර ඇති බවත්,  50%   පිරිසකට  එන්නත නොමිලේ  ලබාදීමට බලාපොරොත්තු වන බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.

මිලියන 11  එන්නත ලබා දීමට සැළසුම් කර ඇති බවත් මේ සියලු දෑ ඉතා සැළසුම් සහගතව සිදුවෙමින් පවතින බවත් ඉදිරියේදී ඒ පිළබඳව ජනතාව දැනුවත් විය හැකි බවද සඳහන් කළේය.

Rate this item
(0 votes)