April 25, 2024

ඌව වෙල්ලස්සේ දී හිටිහාමි රටේරාල විසින් ඉංග්‍රීසි ඒජන්තවරයාට විද්දේ ඊතලයක්ද? අර්ත් කම්බියක්ද?

1818 පැවැති ඌව වෙල්ලස්ස කැරැල්ලේ ආරම්භයට පෙර එවකට ඉංග්‍රීසි පාලනාධිකාරියේ ඌව වෙල්ලස්ස දිසාව භාරව සිටි උප එජන්තවරයා වූ සිල්වෙස්ටර් ඩග්ලස් විල්සන්ව 1817 සැප්තැම්බර් මස 16 වැනි දිනයේ දී මීගහපිටිය වලව්වේ හිටිහාමී රටේරාල විසින් ඊතලයකින් විද මරණයට පත් කළේය. නිදහස් අරගලය වෙනුවෙන් සටන් වැදුණු හිටිහාමි රටේරාල සිහි කිරීම වස් ස්මාරකයන් ද ඉදි කර තිබේ.

මෙලෙස ඒජන්තවරයා බිබිල උණගොල්ල ප්‍රදේශයේ දී ඊතල පහරට ලක්ව මිය ගොස් ඇති බව සඳහන් වෙයි. ඒජන්තවරයා වෙනුවෙන් ඉංග්‍රීසි පාලනය විසින් ඉදි කරන ලද ස්මාරකය අසල ඇති බදුල්ල - බිබිල මාර්ගයේ සංවර්ධන කටයුත්තක් සිදුවන අතර එම ඒජන්තවරයාට විද්දා යැයි සැක කෙරෙන තඹවලින් නිර්මාණය කරන ලද ඊතලය පිරිසකට හමුව තිබේ.

පසුව එම ප්‍රදේශයේ හිමිනමක් විසින් මෙය හිටිහාමි රටේරාල විසින් ඉංග්‍රීසි ඒජන්තවරයාට විදින ලද ඊතලය ලෙස පවසා සිටියේය.  මෙම ඊතලය යැයි සැලකෙන වස්තුව ඇඹරී ගොස් තිබූ ආකාරයද දැක ගත හැකි විය.

හමු වූ ඊතලය යැයි සැලකෙන වස්තුවේ ඡායාරූප පහතින්,

මෙම ඊතලය සොයා ගැනීම සමාජ මාධ්‍ය තුළ පළ වීමත් සමඟ බොහෝ දෙනෙක් මෙය හාස්‍යයට ලක් කර ඇති ආකාරය දැකගත හැකිවිය. බොහෝ දෙනා පවසා සිටියේ මෙය ඊතලයක් නොවන බවත් මෙය අකුණු සැරවලින් විදුලි පද්ධති ආරක්ෂා කර ගැනීම සඳහා යොදා ගන්නා පොළොව සම්බන්ධ කරනු ලබන (Earth Rod) තඹ කූරක් ලෙසයි.

මෙය කිසි විටකත් ඊතලයක් නොවන බව පෙන්වා දෙන සමාජ මාධ්‍ය සැරිසරන්නන් කියා සිටියේ එය ඊතලයක් වූයේ නම් එය විදින්නට සාමාන්‍ය දුන්නකින් හැකියාවක් නොමැති බවයි. එම නිසා මෙවැනි දේවල් ප්‍රචාරය කරමින් මිනිස්සුන් නොරවටන ලෙසද බොහෝ දෙනා පවසා තිබුණි.

තඹ කූර (Earth Rod) යැයි සැලකෙන වස්තුවක් පහතින්,

Rate this item
(3 votes)
Last modified on Tuesday, 19 January 2021 11:39