April 20, 2024

රන්ජන් පාර්ලිමේන්තුවට ගෙන ආවේ නැත්තෙ ඇයි? විපක්ෂ නායක කතානායකගෙන් ප්‍රශ්න කරයි (VIDEO)

ආණ්ඩුකම ව්‍යවස්ථාවේ 66, 89, 91, 105 යන ව්‍යවස්ථාවන්ට අනුව රන්ජන් රාමනායක මහතාගේ පාර්ලිමේන්තු මන්ත්‍රී අසුන අහිමි වන්නේ නැති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුව හමුවේ ප්‍රකාශ කරන ලදී.

එසේ නම් අද දවසේ රංජන් රාමනායක මන්ත්‍රීවරයාව පාර්ලිමේන්තුවට කැඳෙව්වේ නැත්තේ ඇයි දැයි විපක්ෂනායකවරයා කථානායකවරයාගෙන් ප්‍රශ්න කරන ලදී.

මැතිවරණ කොමිසම කියන ආකාරයට හය මාසෙකින් පසු රන්ජන් රාමනායක මහතාගේ මන්ත්‍රී ධුරය අහෝසි වුවහොත් ඊට එරෙහිව සියළු නෛතික පියවර ගැනීමට සමගි ජන බලවේගය සූදානම් බව ද විපක්ෂ නායකවරයා අවධාරණය කරන ලදී.

රන්ජන් රාමනායක මහතා හොර බොරු නැති මානව හිතවාදී පොදු ජනතාවට ආදරේ කරන දේශපාලනඥයෙක් බව ද පෙන්වා දෙන විපක්ෂ නායකවරයා රාමනායක මහතා සිරගත කිරීම පිළිබඳව ජාති, කුල, ආගම් භේදවලින් තොරව ජනතාව කනගාටු වන බව ද පෙන්වා දෙන ලදී.

Rate this item
(0 votes)
Last modified on Tuesday, 19 January 2021 12:25