April 25, 2024

මැතිණි අපට දුන්න මේ දේවල් අද කෝ?

දේශීය සම්පත් විකුණා දමා දේශීය කර්මාන්ත නවතා දමා හැම දෙයක්ම පිටරටින් ගෙන එම ප්‍රතිපත්තියක් කොටගෙන තිබෙන මේ වකවානුවේ 1977 පෙර රට තිබූ තැන ගැන අවධානය යොමු යොමු කිරීම වටී.

1977 ජේ.ආර්.ජයවර්ධන මහතා බලයට පත්වී විවෘත ආර්ථිකය හදුන්වා දීමට පෙර සිරිමාවෝ බණ්ඩාරනායක අගමැතිනිය දේශීය දේ අගය කරමින් සමාජවාදී ආර්ථික ක්‍රමයකට බරව රට ගෙන ගිය ගමන් මග තුළ රට තුළ බිහි වූ දේශීය කර්මාන්ත වලින් බිඳකි මේ.

මැස්ඩා -හෝමාගම ගලවිල වත්ත
වානේ - අතුරුගිරිය ඔරුවල
ටයර් - කැලණිය
ලෝහ භාණ්ඩ - යක්කල
වාත්තු - එඩේරමුල්ල
කඩදාසි - වාලච්චේන සහ ඇඹිලිපිටිය
නූල් සහ රෙදි - තුල්හිරිය, වේයන්ගොඩ, වැල්ලවත්ත
කපු නූල් නිෂ්පාදනය කර ප්‍රතිඅපනයනය ඇමරිකාවට - කපුවත්ත
නයිලෝන් - සපුගස්කන්ද
දාස ඩියුරෝ - කැලණිය
unic electronics - හෝමාගම
metalix electricles - පිටකෝට්ට
පැරකුම් කිරි - පොලොන්නරුව
සීනි - පැලවත්ත
මිනිරන් - බෝගල
ඒකල කර්මාන්ත කලාපය
රත්මලාන කර්මාන්ත කලාපය - lambretta scooter සහ ත්‍රීරෝද

වසර 42 කට පසු අද ඒ දේශීය සමාගම් වලට කුමක් සිදුවී ඇත්ද?

Rate this item
(0 votes)
Last modified on Tuesday, 19 January 2021 11:08