April 20, 2024

වරාය ගැන අදහස් දැක්වූ මංගල සමරවීරට සි බී ගෙන් චෝදනා ...."ගොනා හැරෙනකොට අපි දන්නවා "( Video )

කොළඹ වරායේ නැගෙනහිර ජැටිය සඳහා විදේශ ආයෝජකයින් එකතු කරගැනීම ගැන සැබෑ දේශප්‍රේමීයෙක් විදිහට තමන් සතුටු වන බව හිටපු ඇමති මංගල සමරවීර මහතා පවසා තිබෙනවා

කොළඹ වරායේ නැගෙනහිර ජැටිය සංවර්ධනය කිරීමට විදෙස් ආයෝජනයක් සම්බන්ධ කරගැනීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ගෙන ඇති තීරණය අනුමත කරන බවයි හිටපු අමාත්‍යවරයා සඳහන් කරයි.

ඒ සම්බන්දයෙන් වැඩිදුරටත් අදහස් පළ කළ හිටපු අමාත්‍ය මංගල සමරවීර මහතා,

“කොළඹ වරායේ නැගෙනහිර ජැටිය සඳහා විදේශ ආයෝජකයන් එකතු කර ගැනීමේ තීන්දුව ගැන මම සැබෑ දේශප්‍රේමියෙකු වශයෙන් ඉතාමත් සතුටු වෙනවා. ජනාධිපතිවරයා විසින් විදේශ ආයෝජකයින් හවුල් කර ගැනීම රට විකිණීමක්, රට පාවාදීමක් හැටියට තම පක්ෂය එදා පෙන්වා දුන් මතවාදය නිවැරදි නොවන බව පිළිඅරගෙන යහපාලන රජය විසින් ආරම්භ කරන ලද, එම ආර්ථික පිළිවෙත යළි ඉදිරියට ගෙන යන ලෙස සැබෑ දේශප්‍රේමීන් ලෙස ඉල්ලා සිටිනවා.“

මෙම අදහස් දැක්වීම පිලිබදව අමාත්‍ය සී බී රත්නායක මහතා ප්‍රකාශ කර සිටියේ මංගල සමරවීර මහතා මෙලෙස ප්‍රකාශ කරන්නේ ආණ්ඩුවට ඇති ආදරයට නොව ආණ්ඩුව සහ වෘත්තිය සමිති අතර ආරවුල් ඇති කිරීමට බවයි.

එලෙසම මේ සම්බන්දයෙන් අදහස් දැක්වූ කුමාර වෙල්ගම මහතා එදා හම්බන්තොට වරාය විකිණීමට එරෙහිව උද්ගෝෂණය කල රෝහිත අබේගුණවර්ධන මහතා අද වරයා විකිණීමට සැරසීමේදී නිහඩව සිටින බවට චෝදනා කරා

Rate this item
(0 votes)