April 25, 2024

හදිසියේ පී සී ආර් කට්ටල ගෙනත් මිලියන 38ක් ගසා කාලා ... අහුවුනාම දෛනික පී සී ආර් පරීක්ෂණ කඩාකප්පල් කිරීමේ සැලැස්මක්

ටෙන්ඩර් පටිපාටියෙන් තොරව සහ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ අනුමැතියක් නොමැතිව රුපියල් මිලියන 38ක් වටිනා පී.සී.ආර්. කට්ටල තොගයක් සඳහා මුදල් ගෙවා ඇතැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අනාවරණය කරගෙන තිබෙන බව වාර්තා වනවා .

හදිසි මිලදී ගැනීම් ලෙස පෙන්වමින් හිතවත් සමාගමකට මෙම පී.සී.ආර්. කට්ටල ගෙන්වීමේ ප්‍රසම්පාදනය භාරදී ඇති බවත්, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්ගේ අත්සන පසුව ලබාගත හැකි බවට උපකල්පනය කරමින් ඉහත මුදල ගෙවා ඇති බවත් හෙළිවනවා. එම ටෙන්ඩර්වලට අත්සන් තැබීමට හිටපු සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ වෙත යොමුකර ඇතත්, ඔහු එම ටෙන්ඩර් දෙකකට අත්සන් තැබීම ප්‍රතික්ෂේප කර ඇති බව සදහන් .

මිලියන 16ක හා මිලියන 22ක ටෙන්ඩර් දෙකකට ජර්මානු සමාගමකට මෙසේ මුදල් ගෙවා ඇතැයි හෙළිවී තිබේ. අනෙක් සියලුම පී.සී.ආර්. ටෙන්ඩර්ද එම සමාගමට පිරිනමා ඇත. රුපියල් දෙදහසකට මිලදී ගත හැකි පී.සී.ආර්. කට්ටලයට රුපියල් හාරදහසක් (4000) ගෙවමින් අදාළ සමාගමට මෙසේ ටෙන්ඩරය ලබාදී ඇත.

රුපියල් මිලියන 10ට වඩා වැඩි ටෙන්ඩර් කැබිනට් මණ්ඩල අනුමැතියට යොමු කළ යුතු වුවත් දූෂිත නිලධාරීන්ගේ කල්ලිය ටෙන්ඩර් පටිපාටියෙන් පිට මෙම මුදල් නීතිවිරෝධී ලෙස ගණකාධිකාරිවරයාගෙන් ලබාගෙන ඇතැයිද හෙළිවී තිබේ. ජනාධිපතිවරයාට රාජ්‍ය ඔත්තු සේවාව (SIS) ලබාදුන් බුද්ධි වාර්තාවක් මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මෙම විමර්ශන කරයි. සෞඛ්‍ය අමාත්‍යංශයේ සැපයුම් අංශය, වෛද්‍ය පර්‌යේෂණ ආයතන (MRI) ඇතුළුව සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ හැටහත් දෙනකු (67)ගෙන් (17 වැනිදා) වන විට මේ පිළිබඳ ප්‍රකාශ ලබාගෙන අවසන් කර ඇත.


මෙම විමර්ශන ඇරඹීමත් සමග සෞඛ්‍ය අමාත්‍යාංශයේ රසායනාගාරවල පී.සී.ආර්. පරීක්ෂණ සිදුකිරීමේ ධාරිතාවය අඩුකර දෛනික පරීක්ෂණ කඩාකප්පල් කිරීමේ සැලැස්මක් ජාවාරමට සම්බන්ධ වූවන් ක්‍රියාත්මක කර ඇතැයිද අනාවරණය වනවා.

Rate this item
(0 votes)