April 23, 2024

21 වනදා සිට සංචාරකයින්ට රට විවෘතයි - ඇමති ප්‍රසන්න

ජනවාරි මස 21 වන දින සිට සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුව සංචාරකයන්ට රට විවෘත කිරීමට සියල්ල සූදානම් බව සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි.

ඔහු මේ බව පැවසූවේ අද (18) මාධ්‍ය ආයතන ප්‍රධානීන් සමග පැවති සාකච්ඡාවේ දී අදහස් දක්වමිනි.

පැමිණෙන සංචාරකයන්ගෙන් සමාජයටත්, සමාජයෙන් සංචාරකයන්ටත් කොවිඩ් - 19 වසංගතය පැතිරීම වැළැක්වීම සඳහා ගතයුතු සියලු පියවර ගෙන ඇති බව ද අමාත්‍යවරයා සඳහන් කරයි.

සංචාරකයන්ට රට විවෘත කිරීම සිදුකරනු ලබන්නේ, සංචාරක ව්‍යාපාරයේ සෘජුව හා වක්‍රව යැපුණු ලක්ෂ 30කට ආසන්න පිරිසක්ව පත්ව ඇති පීඩාව සලකා බලා බව හෙතෙම පෙන්වා දුන්නේය.

Rate this item
(0 votes)